/ May 31, 2025

ශාන් පුතාට අධිකරණ නියෝගයක්

‘ශාන් පුතා’ නමැත්තාට එරෙහිව මාතර මහේස්ත්‍රාත් අධිකරණය පනවා ඇති විදෙස් ගමන් තහනම අද (16) යළිත් වතාවක් ඉවත් කර තිබේ.

නීතීඥයන් මාර්ගයෙන් ශාන් පුතා කළ ඉල්ලීමට අනුව එම ඉල්ලීමක් පිළිගත් මාතර මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස 2025.10.31 වන දින දක්වා විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට‍යි නියෝග කර ඇත්තේ.

ශාන් පුතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට කරුණු දක්වමින් නීතිඥවරයා සඳහන් කළේ තව සේවාදායකයාට ප්‍රසංග සඳහා විදෙස්ගත වීමට ඇති බැවින් ඒ සඳහා අධිකරණයේ අවධානය යොමු කර එම තහනම ඉවත් කර දෙන ලෙසයි.

ඒ අනුව, ඉදිරිපත් වු කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා ශාන් පුතාගේ විදේශ ගමන් තහනම මැයි මස 16 දින සිට ඔක්තෝම්බර් මස 31 වන දින දක්වා අවලංගු කරන බවත්, ඒ බව ෆැක්ස් මඟින් ආගමන විගමන පාලක වෙත දන්වා යවන ලෙසත් නියෝග කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top