අද (05) දිනයේ කොළඹ දී පැවැත්වීමට සැලසුම් කර ඇති බව කියන උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් පොලීසිය කොටුව අධිකරණයට කරුණු වාර්තා කර වාරණ නියෝගයක් ලබාගෙන තිබේ.
ඒ, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව, අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ, අන්නරේ ක්‍රියාකාරීන් ඇතුළු පාර්ශ්වයන් විසින් සිදු කිරීමට නියමිත බව කියන උද්ඝෝෂණයක් සම්බන්ධයෙනි.
ඉන්දියාව සමඟ අත්සන් කිරීමට යෝජිත ගිවිසුම් සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් විරෝධය පළ කර ඇති අතර ඉන්දියානු මැදිහත්වීමට විරෝධය පළ කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු සංවිධාන කිහිපයක් මෙම උද්ඝෝෂණ සංවිධානය කර ඇති බවයි වාර්තා වන්නේ.