/ Jun 17, 2025

කෙහෙළියගේ නිවසේ මෙහෙකාරියට අධිකරණය දුන් නියෝගය

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවසේ මෙහෙකාරිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවදියේ කෙහෙළිය රඹුක්වැල්ලගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට නාමිකව පුද්ගලයින් 15 දෙනෙකු ඇතුළත් කර රුපියල් ලක්ෂ 80කට අධික මුදලක් වැටුප් හා දීමනා වශයෙන් ලබා ගැනීමේ සිද්ධියට අදාළව සිදුකරන ලද විමර්ශනවලට අදාළව ඇයව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

මෙම පැමිණිල්ල අද (17) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ඉදිරියේ කැඳවූ අතර එහි දී මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ ඇයව ඇප මත මුදාහරින ලෙසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top