තාවකාලිකව වසා දැමුණු මැදපෙරදිග ගුවන් කලාප යළි විවෘත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඒ අනුව, කටාර් ගුවන් ගුවන් කලාප ඇතුළු වසා දැමුණු අනෙකුත් සියලුම ගුවන් කලාප මෙලෙස විවෘත කර ඇති බව සඳහන්.
ඊයේ (23) දිනයේ දී ඉරානය විසින් කටාර්හි පිහිටි අමෙරිකානු හමුදා කඳවුරකට සහ ඉරාකයේ පිහිටි අමෙරිකානු කඳවුරකට මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ මැදපෙරදිග ගුවන් කලාප කිහිපයක් මෙලෙස වසා දැමීමට පියවර ගෙන තිබුණි.
සිවිල් ගුවන්සේවා අධිකාරිය සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ සිට මැදපෙරදිග රටවල් දක්වා පියාසර කළ ගුවන් යානා 5ක් ද වෙනත් ගුවන්තොටුපොළ වෙත හරහා යැවීමට පියවර ගත් බව ද ය.
අදාළ ගුවන් යානා මස්කට්, ඩුබායි සහ රියාද් යන ගුවන්තොටුපොළවල් වෙත ගොඩ බෑමට කටයුතු කළ බව සඳහන්.
කුවේට්, බහරේන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද මේ වන විට සිය ගුවන් අවකාශ විවෘත කර ඇත.