කොළඹ මහනගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණට හිමි මන්ත්‍රි අසුන සඳහා දීපා එදිරිසිංහගේ නම යෝජනා වී තිබේ.
මෙවර පැවති පලාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ පක්ෂයට ද එක් මන්ත්‍රි අසුනක් හිමි විය.
ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ බටහිර කොළඹ සංවිධායිකාව ලෙස දීපා එදිරිසිංහ කටයුතු කරනු ලබයි.
කෙසේවෙතත් ඇයව එම මන්ත්‍රී ධුරයට නම් කිරීමට පක්ෂයේ ඇතැම් පාර්ශ්වයන්ගේ විරෝධයද එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් වන ලිපියක් පක්ෂයේ සාමාජිකයින් විසින් නිදහස් පක්ෂයේ හිටපු සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ද භාර දී ඇති බව සඳහන්.