/ Jun 08, 2025

දෙහිවල සත්තු වත්තේ සිටි ලක්ෂ ගණනක් වටිනා මැකෝ ගිරවෙක් හොරු අරන්

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබේ.

රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් එම මැකෝ ගිරවා පසුගිය 04 වැනි දින රාත්‍රියේ සොරකම් කර ඇති බව වාර්තා වේ.

එම මැකෝ ගිරවා රඳවා සිටි කූඩුව තුළ නිල් කහ මැකෝ ගිරවුන් 30ක් රඳවා සිට ඇති අතර ඉන් එක් ගිරවෙකු මෙලෙස සොරගෙන ගොස් තිබේ.

කූඩුව භාරකරු පසුදා උදෑසන රාජකාරි සඳහා යතුරු රැගෙන කූඩුව විවෘත කිරීමට යාමේදී එහි ආරක්ෂාවට දමා ඇති ආරක්ෂිත අඟුල කඩා ඇති බව දැක පසුව සත්ත්වෝද්‍යානයේ ඉහළ නිලධාරීන් දැනුවත් කර තිබේ.

පසුව සිදුකළ පරීක්ෂාවේදී එම කූඩුව තුළ සිටි එක් නිල් කහ මැකෝ ගිරවෙකු අස්ථානගත වී ඇති බවට හඳුනාගෙන ඇත.

2021 වසරේ අගෝස්තු මස 08 වැනි දින ද මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ මැකෝ ගිරවෙකු අස්ථානගත වූ අතර පසුව එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක සිටිය දී සොයාගෙන තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top