/ Jan 24, 2026

Breaking News; දුමින්ද දිසානායක අත්අඩංගුවට

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයෙන් හමු වූ රන් ආලේපිත T – 56 ගිනි අවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත.

තිඹිරිගස්‍ යාය ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක සිටිය දී පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය අඟහරුවාදා හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ සිටි කාන්තාවකගේ ගමන් මල්ලේ මෙම ගිනිඅවිය තිබෙන බව දුටු එහි ආරක්ෂකයා ඒ බව පොලිසිට දැනුම් දී තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දෙදෙනා අද (23) දිනය දක්වා වැල්ලවත්ත පොලීසියේ රඳවාගෙන ප්‍රශ්න කිරීමටයි අධිකරණය පෙරේදා (21) නියෝග කර තිබුණේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top