හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක යළිත් මැගසින් බන්ධනාගාරය වෙත යොමුකර තිබේ.
රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු අධිකරණ නියෝග මත ප්‍රතිකාර සඳහා සැකකරු බන්ධනාගාර රෝහලට යොමු කෙරිණි.
දුමින්ද දිසානායක විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව යළිත් මැගසින් බන්ධනාගාරය වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
වැල්ලවත්ත මහල් නිවාස සංකීරණයක තිබී සොයාගත් රත්‍රං ආලේපිත T56 ගිනි අවියක හිමිකාරීත්වය සමබ්න්ධයෙන් සැකපිට හිටපු අමාත්‍යවරයා පසුගිය සිකුරාදා අත්අඩංගුවට ගත් ඊට පසුදින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.