හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක එළඹෙන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගැනුණු හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අද (24) උදෑසන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර එහි දී මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දී ඇත.
හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයේ මෝටර් රථයක් තුළ තිබූ බාගයක තිබී සොයා ගත් රන් පැහැ ගැන්වූ ටී – 56 වර්ගයේ ගිනි අවියේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාව ඊයේ (23) උදෑසන අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන විත් තිබුණි.