අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන විත් තිබේ.
එම දෙපාර්තමේන්තුවේ, ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන් විසින් හිටපු අමාත්‍යවරයා අද (23) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය දා හැව්ලොක් සිටි සුපිරි මහල් නිවාස සංකීර්ණයේ තිබී හමුවූ රන් ආලේපිත ටී56 ගිනි අවිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන සඳහා ය.
පසුගිය අඟහරුවාදා හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ සිටි කාන්තාවකගේ ගමන් මල්ලේ තිබී රන් ආලේපිත ටී – 56 ගිනි අවියක් පොලිසිය විසින් සොයාගත් අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබුණි.
අත් අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ එම ගිනි අවිය තමන් හට සැකකාර දුමින්ද දිසානායක හිටපු අමාත්‍යවරයා විසින් ලබාදෙනු ලැබූවක් බවයි.
ඒ අනුවයි ඉදිරි විමර්ශන කටයුතු සඳහා හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අත්අඩංගුවට ගෙන ඇත්තේ.