හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ජුනි මස 05 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක පසුගිය දා අත්අඩංගුවට ගත්තේය.
රන් ආලේපිත මෙම ටී 56 වර්ගයේ ගිනිඅවිය පසුගිය අඟහරුවාදා (20) හමුවූ අතර, ඒ සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු මේ වනවිට සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලට අදාළව අනාවරණය කරුණු මත හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාව අත්අඩංගුවට ගෙන තිබුණි.