හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
සැකකාර හිටපු අමාත්‍යවරයා අද (05) ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ඔහු එළඹෙන 19 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසයි.
හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක පසුගිය දා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.