යුරෝපයේ විශාලතම ගිනිකන්ද වූ එට්නා ගිනිකන්ද සක්‍රීය වී ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ඉන් කිලෝ මීටර් කිහිපයක් උසට අළු සහ දුමාරය පිටවෙමින් පවතින බවයි.
ඊයේ රාත්‍රියේ සිට ආරම්භ වූ විදාරණයේ හඩ සහ කම්පනය ඉන් කිලෝ මීටර් 50කටත් ඔබ්බෙන් පිහිටි කැටනියා නගරයට පවා දැනී තිබුණු බව සඳහන්.
පවතින තත්ත්වය මත එහි සිටින සංචාරකයින් සහ කඳු නගින්නන් වහාම ඉන් ඉවත් කිරීමට ද එරට බලධාරීන් කටයුතු කර තිබේ.
එට්නා ගිනි කන්ද වසරකට අවස්ථා කිහිපයකදීම විදාරණය වන අතර එය සැලකෙන්නේ ලොව වඩාත්ම සක්‍රිය ගිනිකදුවලින් එකක් ලෙසය.
මෙවර සක්‍රිය වී ඇත්තේ එහි ගිනිකොනදිග කුහරය බවයි විදසේ මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.