හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක එළඹෙන ජූලි මස 7 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඔහුව අද (26) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.
හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී සොයාගත් රන් ආලේපිත ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍යවරයා මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.
මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තුන්වන සැකකරු ඇප මත මුදාහැරීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ.