/ Feb 13, 2026

අනිද්දාට ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ මෙන්න

අනිද්දා දිනයේ දී (11) ගම්පහ ප්‍රදේශ රැසකට පැය 10ක ජලකප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම්දෙයි.

ඒ අනුව එදින උදෑසන 8.30 සිට ප.ව 6.30 දක්වා ජල කප්පාදුව සිදුකෙරේ.

ඒ අනුව, පෑලියගොඩ, වත්තල, ජාඇළ, සීදුව නගර සභා බලප්‍රදේශ, කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජාඇළ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බලප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභාබල ප්‍රදේශයේ කොටසකට මෙම ජල කප්පාදුව බලපානු ඇත.

බියගම ජල පවිත්‍රාගාරයේ ස්ථාපිත සූර්යබල විදුලි පද්ධතිය ප්‍රධාන පද්ධතිය හා සම්බන්ධ කිරීම් වැඩිදියුණු කිරීම හේතුවෙන් මෙලෙස ජලසැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top