මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ගම්පොළ නගරයේ හදිසි වෙළෙඳසැල් පරීක්ෂාවක් සිදු කරන අතරතුර එක් වෙළෙඳසැලක මුළුතැන්ගෙයි තිබී පරිභෝජනයට නුසුදුසු බිත්තර තොගයක් හමු වී තිබේ.
අදාළ වෙළඳසැලේ ආහාර පිළියෙල කරන ස්ථානයේ තබා තිබූ බිත්තර සහිත ඇසුරුම් පරීක්ෂාවට ලක් කිරීමේ දී නිරීක්ෂණය වී ඇත්තේ එම බිත්තර කල් ඉකුත් ව ඇති බවත්, එහි මතුපිට සිට පණුවන් ගහණය වී ඇති බවත් ය.
එලෙස පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ තිබූ කුණු බිත්තර 700ක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ භාරයට ගෙන ඇත.
මෙම බිත්තර වෙළෙඳසැලෙහි පිසින ෆ්‍රයිඩ් රයිස්, කොත්තු ඇතුළු විවිධ ආහර සැකසීම සඳහා භාවිතා කර ඇති බවයි මුලික ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ.
තව ද ආහාර සකසන ස්ථානයේ තිබී කුකුල් පිහාටු සහ පණුවන් දැක ගන්නට ලැබුණු බවත් ඉතා අපිරිසිදු අන්තදමින් ආහාර පිළියෙළ කර ඇති බවටත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හඳුනාගෙන ඇත.
අදාළ වෙළඳසැල්හිමියා සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට නියමිත බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැවසීය.



