/ May 29, 2025

හරක්කටාට පුවත්පත් දෙන්නැයි අධිකරණයෙන් නියෝගයක්

තංගල්ල බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නඳුන් චින්තක හෙවත් හරක් කටා නමැත්තාට පුවත්පත් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා නියෝග කළේය.

සැකකරුට එරෙහි නඩුවක් අද (28) කැඳවූ අවස්ථාවේ දී හරක් කටා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජිය ආරියදාස මහතා කරුණු දක්වමින් පැවසුවේ, සිය සේවාදායකයාට මින් පෙර ද පුවත්පත් ලබා දෙන ලෙසට ඉල්ලා සිටිය ද මෙතෙක් එම අධිකරණ නියෝගය ඉටුව නැති බවට පෙන්වා දුන්නේ ය.

දිනපතා පුවත්පත් ලබා දීමේ යම් දුෂ්කරතාවක් ඇති නමුත් ඔහුට අවශ්‍ය පුවත්පත් ඉදිරියේ දී ලබාදීමට එකඟ වන බවයි එම අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සජිත් බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා සිටියේ ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටි හරක්කටාට පලා යාමට ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා ලැබූ පොලිස් කොස්තාපල්වරයෙකු සහ හරක්කටා ගෙන යාමට පැමිණි වාහනයක රියදුරෙකුට එරෙහිව අදාළ නඩුව අද කැඳවනු ලැබීය.

එම නඩුව යළිත් ලබන 09 වැනිදා කැඳවීමටයි විනිසුරුවරයා නියෝග කළේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top