සංවිධානාත්මක පාතාල කල්ලි නායකයෙකු වන නඳුන් චින්තක හෙවත් ‘හරක් කටා’ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටි ඔහු උණ රෝගයක් වැළඳීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා මෙලෙස ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ, හරක් කටාට චිකුන්ගුන්යා රෝගය වැළඳී ඇති බවයි.
පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලිසියේ විශේෂ ආරක්‍ෂාව යටතේ, ඔහු පමණක් කොළඹ ජාතික රෝහලේ 37 වන වාට්ටුවට ඇතුළත් කර ප්‍රතිකාර කරන බව වාර්තා වේ.
තමන්ට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව සලසා දෙන ලෙසට ‘හරක් කටා’ විසින් පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇතත්, නිලධාරීන් විසින් එය ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.