/ Sep 17, 2025

සිලබස් එකෙන් ඉතිහාසය සහ සෞන්දර්ය විෂ‍යන් විසිවෙයි ද? අගමැතිනිය ඇත්තම කියයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ ඉතිහාසය සහ සෞන්දර්ය විෂයයන් ඉවත් කර ඇති බවට අසත්‍ය ප්‍රචාර කරමින් අධ්‍යාපනය සහ දරුවන්ගේ ජීවිත දේශපාලනයට භාවිත නොකරන ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඉල්ලා සිටී.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ බස්නාහිර පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් අද (17) පැවති වැඩසටහනකට එක් වෙමින් ඇය මේ බව පැවසීය.

අග්‍රාමාත්‍යවරිය එහිදී වැඩිදුරටත් මෙසේ සඳහන් කළා ය.

“නව අධ්‍යාපන ප්‍රතිසංසකරණය හරහා සෞන්දර්යය, ඉතිහාසය සහ වෘත්තීය විෂයක් හැදෑරීම අනිවාර්ය කර තිබෙනවා. නමුත් මේ ජාතික වැඩපිළිවෙල පිළිබඳ නිසි අධ්‍යයනයක් කරන්නේ නැතිව සමහර පාර්ශව අසත්‍ය ප්‍රචාර කරමින් ඉන්නවා ඉතිහාසය සහ සෞන්දර්යය විෂය ඉවත් කරලා කියලා. මේ විෂයන් ගැන විෂයේ ප්‍රවීණයන් සමග දින ගණනාවක් සාකච්ඡා කරලා. සෑම දරුවෙක්ටම ඉතිහාසය හා මානුෂිය ගුණාංග වර්ධනය වන සෞන්දර්යය විෂය හදාරන්න අවස්ථාවක් ලැබෙන ලෙස මේ ප්‍රතිසංස්කරණය සිදු කරලා තිබෙන්නේ. අපි දේශපාලනය කරමු නමුත් අධ්‍යාපනය සහ දරුවන් ⁣ඒකට ගාව ගන්න එපා.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ එකි විෂයන් හදාරන්නේ කොහොමද කියන එක අපි කියලා තියෙනවා. තමාගේ ක්ෂේත්‍රයට විතරක් කොටු නොවන ගුණාත්මක දරුවෙක් කොහොමද නිර්මාණය කරන්නේ කියලා. අපි අවබෝධයෙන් මේ ප්‍රතිසංස්කරණය සිදු කරන්නේ.”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top