ආගමන සහ විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා කොන්දේසි විරහිතව වරද පිළිගන්නා බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.
විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළව අධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණි.
ඒ අනුව ඔහුට දඬුවම් නියම කිරීම මේ මස 24 වැනිදා සිදු කරන බවයි අධිකරණය නිවේදනය කළේ.