/ Jul 03, 2025

කඳානේ පත්තු වූ වෙඩිල්ලෙන් එක් අයෙක් මරුට

අද (03) උදෑසන කඳාන පොදුවෙළෙඳපොළ අසල දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩිතැබීමකින් තුවාල ලැබූ එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෝටර් රථයක සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර එම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි මේ වන විට සිදු කළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ.

වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා සිටි අතර ඔවුන් රාගම රෝහලට ඇතුළත් කර තිබේ. ඉන් අනතුරුව එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය සඳහන් කරයි.

එලෙස මිය ගොස් ඇත්තේ, අවුරුදු 50ක් වූ කඳාන ප්‍රදේශයේ පදිංචිව සිටි උපාලි කුලවර්ධන නමැත්තෙකි.

වෙඩිතැබීම සිදුකළ වෙඩික්කරුවන් පලා ගොස් ඇති අතර, වෙඩි තැබීමට හේතුව කුමකැදැයි මෙතෙක් අනාවරණය වී නොමැත.

මෙම වෙඩිතැබීමෙන් තුවාල ලැබූ අනෙක් පුද්ගලයා දිවංගත අමාත්‍ය මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්වරයෙකු වූ සමීර මනහර බව පොලිසිය වැඩිදුරටත් පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top