/ Jun 16, 2025

කටුනායක වෙඩි තැබීමක්

කටුනායක හීනටියන ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවය.

වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා සිය නිවසේ සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්වී ඇත.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට මාරුකර යවා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top