/ Jun 01, 2025

කටුනායක වෙඩි තැබීමක්; වෙඩික්කරුට ඇබැද්දියක් – ව්‍යාපාරිකයෙකු නූලෙන් බේරුන හැටි මෙන්න

කටුනායක, ආඩිඅම්බලම, දැවමොට්ටාව ප්‍රදේශයේ දී අද (22) උදෑසන 9.30ට පමණ වෙඩි තැබීමක් සිදුකර තිබේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසට ඇතුළු වී ටී-56 ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇතැයි පොලිසිය පවසයි.

කෙසේ වෙතත් එහි දී ගිනිඅවිය ක්‍රියාවිරහිත වීම හේතුවෙන් එක් පුද්ගලයෙක් එම ස්ථානයෙන් පලාගොස් ඇත.

පසුව අනෙක් පුද්ගලයා නිවසේ කොටුවී ඇති අතර ඔහු තාප්පයකින් පැන යෑමට උත්සාහ කිරීමේ දී ඉන් ඇදවැටී කකුල් දෙකට දැඩි හානි සිදුව ඇතැයි වාර්තා වේ.

පොලිසිය පැවසුවේ එම අවස්ථාවේ දී ඔහු අතැතිව තිබූ ගිනිඅවියෙන් අහසට වෙඩිතබා ඇති අතර, එවිට ප්‍රදේශවාසීන් එම ස්ථානයට රැස්ව ඇති බවයි.

කෙසේවෙතත් මේ වනවිට වෙඩිතැබීමට පැමිණි එම පුද්ගලයා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top