හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලබන 03 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.
ඔහු අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී එම නියෝගය ලබා දී ඇත.
අල්ලස් කොමිසම විසින් “දූෂණය” නැමැති වරද සිදුකළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.