# lankatimes > Latest Sri Lankan News ## Posts - [බන්ධනාගාරගත කර සිටි RMV ලොක්කා ඇතුළු තුනකට අධිකරණ නියෝගයක්!](https://lankatimes.lk/rmv-boss-three-others-granted-bail-on-suspicion-of-taking-bribe/): රක්ෂිත බන්ධනාගර කර සිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ශාඛාවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇතුළු සැකකරුවන් තුන්දෙනා ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග නියම කළාය. මෝටර් රථවාහන දෙපාර්තමේන්තුවෙන් බලපත්‍ර ලබා ගැනීම සඳහා පැමිණී ජනතාවගෙන් අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් ලක්‍ෂ 40කට ආසන්න මුදලක් සන්තකයේ තබා ගත් බවට සැකපිට ඔවුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය. සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් එක් සැකකරු සඳහා රුපියල් මිලියන 2 බැගින් වූ ශරීර දෙකක් මත මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන්ට රුපියල් 25,000 බැගින් මුදල් ඇප ද නියම කරනු ලැබීය. සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරන බවත් ඔවුන්ට මෝටර් රථ ප්‍රවාහන […] - [තවත් බිහිසුණු අනතුරක් ; 21 රෝහලට](https://lankatimes.lk/another-horrific-accident-21-hospitalized/): හලාවත – පුත්තලම මාර්ගයේ දැදුරු ඔය පාලම ආසන්නයේ දී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන විශාල ගසක ගැටී අද (04) පෙරවරුවේ බිහිසුණු අනතුරක් සිදුව තිබේ. අනතුරින් බස් රථයේ රියදුරු සමඟ 21 දෙනෙකු තුවාල ලබා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ. පේදුරුතුඩුවේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබුණි. - [ට්‍රම්ප්ගේ තීරු බද්ද ගැන ඇහෙන අලුත් ආරංචිය ; රටින් රටට ලිපි](https://lankatimes.lk/latest-news-about-trumps-tariffs-letters-from-country-to-country/): අමෙරිකාව සිය රටට එක් එක් රටවලින් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා අයකරන තීරුබදු අනුපාත සඳහන් කරමින් එම රටවලට ලිපි යැවීම සිදු කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ. තීරුබදු විරාමය ජූලි 9 වන දින අවසන් වීමට පෙර, තම පරිපාලනය රටවල්වලට යටත් වන තීරුබදු අනුපාත පිළිබඳව මෙලෙස දැනුම් දීමට තීරණය කළ බවයි ඔහු පවසන්නේ. ඒ අනුව, අද දිනයේ (04) සිට එම ලිපි යැවීම ආරම්භ කරන බව සඳහන්. - [කටඋත්තර ගන්න විදිය ගැන පොලිසියට චක්‍රලේඛයක්](https://lankatimes.lk/circular-to-the-police-on-how-to-take-statements/): පුද්ගලයෙකුගෙන් කටඋත්තරයක් ගත යුතු ආකාරය සම්බන්ධයෙන් වන චක්‍රලේඛයක් දිවයිනේ සියලු පොලිස් ස්ථානවෙත නිකුත් කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් කටයුතු කර තිබෙන බව නීතිපතිවරයා ඊයේ (3) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. කිසියම් පැමිණිල්ලකට අදාළව කටඋත්තරයක් ලබාගැනීම සඳහා පුද්ගලයකු කැඳවනවිට එම පැමිණිල්ලේ අන්තර්ගත කරුණු පිළිබඳව එම පුද්ගලයා දැනුම්වත් කළයුතු ආකාරය එම චක්‍රලේඛයේ දැක්වෙන බව සඳහන්. බලශක්ති විශේෂඥයෙකු වන විදුර රැළපනාව මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයට එරෙහිව ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේ දී මෙම දැනුම්දීම සිදුකර තිබේ. මෙම පෙත්සම අචල වෙංගප්පුලි සහ සම්පත් විජයරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය. එහිදී පෙත්සම්කරු කියා සිටින්නේ […] - [සිසුවා ඇදවැටුණු සිසු සැරියේ රියදුරුට සහ කොන්දොස්තරට වැඩ වරදී!](https://lankatimes.lk/the-driver-and-conductor-of-the-bus-in-which-the-student-fell-were-at-fault/): ධාවනය වෙමින් තිබූ සිසු සැරිය බස් රථයක පාපුවරුවෙන් සිසුවෙකු ඇදවැටුණු සිද්ධියට සම්බන්ධ බස් රථයේ රියදුරුගේ සහ කොන්දොස්තරවරයාගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට වයඹ පළාත් ප්‍රවාහන අධිකාරිය විසින් පියවරගෙන තිබේ. ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් අනතුරුව මෙම තීරණය ගත් බවයි. රියදුරුගේ සහ කොන්දොස්තරවරයාගේ අපරික්ෂාකාරී සහ නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බවට නිරීක්ෂණය වී ඇති බව එම කොමිසම වැඩිදුරටත් පෙන්වාදෙයි. - [Breaking; හිටපු ඇමති එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට](https://lankatimes.lk/breaking-sm-chandrasena-arrested/): හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අද පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබුණු අතර එම අතරවාරයේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බව සඳහන්. 2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 25ක් වටිනා බඩඉරිඟු බීජ හිතවතුන්ට බෙදාදීමේ සිද්ධියකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු අල්ලස් කොමිසම වෙත කැඳවා තිබුණි. - [දැනගෙන බස් එකේ යන්න; අද සිට ගාස්තු අඩු වන හැටි මෙන්න](https://lankatimes.lk/heres-how-bus-fares-will-be-reduced-from-today/): වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව අද දිනයේ සිට බස් ගාස්තුව අඩු වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. ඒ අනුව නව ගාස්තු සංශෝධනය යටතේ සාමාන්‍ය සේවා අවම බස් ගාස්තුව වන රුපියල් 27, දෙවන ගාස්තු අවස්ථාව වන රුපියල් 35 මෙන්ම රුපියල් 45 ගාස්තුවේ වෙනසක් සිදුනොවන බව එම කොමිසම පෙන්වාදෙයි. නව ගාස්තු සංශෝධනයට අනුව, රුපියල් 56, 77, 87, 117, 136, 141 ඇතුලූ ගාස්තු අවස්ථා කිහිපයක් අඩුවන්නේ රුපියලකින්. ඊට අමතරව සෙසු ගාස්තු අවස්ථා රුපියල් 2,3 ආදී වශයෙන් අඩුවන අතර, සාමාන්‍ය සේවා උපරිම ගාස්තුව වන රුපියල් 2170 රුපියල් 11 කින් අද සිට අඩු වේ. එසේම, මෙම බස් ගාස්තු අඩුවීම සාමාන්‍ය සේවා, අර්ධ සුඛෝපභෝගී සේවා, […] - [ගණේමුල්ල සංජීවගේ හිතවතා "ආමි උපුල්" වෙඩි කා මරුට](https://lankatimes.lk/ragama-gun-shoot/): රාගම බටුවත්ත ප්‍රදේශයේ ඊයේ (3) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මියගොස් තිබේ. ත්‍රිරෝද රථයකින් පැමිණි දෙදෙනෙකු විසින් පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබුණි. බටුවත්ත ග්‍රාම සංවර්ධන මාවතේ නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්කර කර මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලිසිය පවසයි. වෙඩි තැබීමෙන් ඝාතනයට ලක්ව ඇත්තේ 45 හැවිරිදි බටුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන හිටපු යුද හමුදා සෙබළෙකි. පොලිසිය පවසන්නේ ඝාතනයට ලක් වූ තැනැත්තා ගණේමුල්ල සංජීවගේ සමීපතමයෙකු වන ‘ආමි උපුල්’ නමැති පුද්ගලයෙකු බවයි. - [තවත් ලක්ෂ ගණනක් අස්වැසුම ඉල්ලයි!](https://lankatimes.lk/aswesuma-program/): අස්වැසුම වැඩසටහන යටත් මේ වන විට ලක්ෂ 18ක් ප්‍රතිලාභ ලබන බවත් එයට අමතරව තවත් ලක්ෂ 9ක පමණ පිරිසක් එය ඉල්ලා තිබෙන බවත් වාර්තා වේ. මේ බව කියා සිටියේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සංවර්ධන ඇමැති ආචාර්ය උපාලි පන්නිලගේ විසින් ප්‍රජ ශක්ති ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය සම්බන්ධයෙන් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී නැගුණු පැනයකට පිළිතුරු වශයෙනි. ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීම වෙනුවෙන්, ප්‍රජා ශක්ති නමින් ජාතික ව්‍යාපාරයක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබේ. කෙසේ වෙතත් එහිදී හෙළි කරනු ලැබුවේ වසර 25ක් තුළ රටේ දුගී පවුල් සංඛ්‍යාව ඉතා ඉහළට ගොස් ඇති බවයි. එය 2000 වසරේ ලක්ෂ 11ක්ද 2010 වසරේදී පවුල් […] - [ගෙල බැඳි රන් මාලය තරුණියක මරු තුරුළට යවයි ; කුරුවිට සසල කළ ඛේදාන්තය](https://lankatimes.lk/kuruvita-murder/): කුරුවිට දෙවිපහළ ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී තරුණියක් ඝාතනය කර තිබේ. කිසියම් පුද්ගලයෙකු විසින් අදාළ තරුණියගේ ගෙළ පැලඳි රන් මාලය සොරාගැනීමට පැමිණි අවස්ථාවේ දී ඇගේ ගෙළ ප්‍රදේශයේ කැපුම් තුවාල සිදුකර පළා ගොස් ඇති බව පොලිසිය පවසයි. තුවාල සහිතව බිම ඇඳවැටී සිටි අදාළ තරුණිය රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ කුරුවිට, දෙවිපහළ ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි තරුණියක්ය. සිද්ධියට සම්බන්ධ සැකකරු සොයා කුරුවිට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. - [Breaking:මීගමුවේ පොලිස් වෙඩිතැබීමක් ; අයෙක් රෝහලේ](https://lankatimes.lk/negombo-gunshoot/): මීගමුව දුන්ගල්පිටිය ප්‍රදේශයේ මාර්ග බාධයකයේදී අදාළ අණ නොතකා ධාවනය කළ පොලිසිය වෙඩි තබා තිබේ. අද (3) දහවල් මෙම වෙඩිතැබීම සිදුව ඇති බව වාර්තා වේ. මෙම වෙඩිතැබීමෙන් යතුරුපැදියේ සිටි එක් අයෙක් තුවාල ලබා රෝහල්ගතකර කළ බව පොලිසිය පවසයි. - [මර්වින් ඇතුළු තිදෙනාට අධිකරණයෙන් නියෝගයක්!](https://lankatimes.lk/former-minister-marvin-silva-bail/): කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකසා විකිණීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනකුට ඇප හිමිව තිබේ. හිටපු අමාත්‍යවරයා ඇතුළු තිදෙනා අද (03) පෙරවරුවේ ගම්පහ පළාත්බද මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබුණි. - [කඳානේ පත්තු වූ වෙඩිල්ලෙන් එක් අයෙක් මරුට](https://lankatimes.lk/kadana-gun-shoot-dead-one-person/): අද (03) උදෑසන කඳාන පොදුවෙළෙඳපොළ අසල දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩිතැබීමකින් තුවාල ලැබූ එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෝටර් රථයක සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර එම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි මේ වන විට සිදු කළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ. වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා සිටි අතර ඔවුන් රාගම රෝහලට ඇතුළත් කර තිබේ. ඉන් අනතුරුව එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය සඳහන් කරයි. එලෙස මිය ගොස් ඇත්තේ, අවුරුදු 50ක් වූ කඳාන ප්‍රදේශයේ පදිංචිව සිටි උපාලි කුලවර්ධන නමැත්තෙකි. වෙඩිතැබීම සිදුකළ වෙඩික්කරුවන් පලා ගොස් ඇති අතර, වෙඩි තැබීමට හේතුව කුමකැදැයි මෙතෙක් අනාවරණය වී නොමැත. මෙම […] - [හිටපු ඇමති මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම් කඳානේ වෙඩිල්ලට ගොදුරු වෙයි](https://lankatimes.lk/mangala-samaraweera/): කඳාන ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් දිවංගත අමාත්‍ය මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්වරයෙකු වූ සමීර මනහර තුවාල ලැබූ අයගෙන් එක් අයෙකු බව පොලිසිය පවසයි. අද (03) උදෑසන කඳාන, පොදු වෙළෙඳපොළ ආසන්නයේ මෝටර් රථයක සිටි පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩිතැබීමක් සිදු විය. වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා මේ වනවිට රාගම රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. - [Breaking; කඳානේ වෙඩි පත්තු වෙයි ; දෙදෙනෙක් රෝහලේ](https://lankatimes.lk/kadana-gun-shoot/): අද (03) උදෑසන කඳාන, පොදු වෙළෙඳපොළ ආසන්නයේ මෝටර් රථයක සිටි පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩිතැබීමක් සිදුව ඇතැයි වාර්තා වේ. වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා මේ වනවිට රාගම රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. - [හිටපු ඇමති රාජිත අල්ලස් කොමිසම මගහරී](https://lankatimes.lk/rajitha-senarathna/): හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඊයේ (02) අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවා තිබුණි. කෙසේ නමුත්, ඔහුට ඊයේ දිනයේ අල්ලස් කොමිසම හමුවට පැමිණිය නොහැකි බව සිය නීතීඳයන් මාර්ගයෙන් දැනුම් දී තිබේ. හදිසියේ ඇති වු හදිසි රෝගි තත්වයක් හේතුවෙන් තමාට කොමිසම හමුවට පැමිණිය නොහැකි බවයි හිටපු අමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ. ධීවර සංස්ථාවේ සිදුව ඇතැයි පැවසෙන දූෂණ සිද්ධියකට අදාළව විමර්ශනයකට ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අල්ලස් කොමිසම වෙත ඊයේ දිනයේ දී කැඳවා තිබුණි. - [විශාල ඛේදවාචකයක් ; මගී නෞකාවක් පෙරළෙයි - 04ක් මරුට 38ක් අතුරුදහන්](https://lankatimes.lk/at-least-4-dead-after-ferry-sinks-in-indonesia-38-missing-rescuers-battle-rough-sea/): ඉන්දුනීසියානු බාලි දූපත අසල දී මගී නෞකාවක් ගිලී යාමෙන් මේ වන විට සිව්දෙනෙකු මියගොස් 38 දෙනෙකු අතුරුදහන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පුද්ගලයින් 65 දෙනෙකු රැගත් මෙම නෞකාවේ සිටි 23 දෙනෙකු අනතුරින් දිවි ගලවා ගෙන ඇති බව වාර්තා වේ. නැගෙනහිර ජාවා හි බන්යුවන්ගි වරායෙන් ඊයේ (02) බාලි බලා මෙම මගී නෞකාව පිටත්ව ගොස් ඇති අතර ගමන ආරම්භ කර පැය භාගයකට පමණ පසු නෞකාව පෙරළි ගිලී ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. අනතුර සිදුවන අවස්ථාවේ මෙම මගී ප්‍රවාහන නෞකාවේ මගීන් 53 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු සිට ඇත. තව ද එම නෞකාවේ ට්‍රක් රථ 14ක් ඇතුළු වාහන […] - [දේශපාලන ක්ෂේත්‍රය කළඹන අත්අඩංගුවට ගැනීම් දෙකක් නුදුරේ?](https://lankatimes.lk/two-arrests-that-shake-up-the-political-scene/): දේශපාලන ක්ෂේත්‍රයේ ආන්දෝලනාත්මක චරිත මැවූ ප්‍රබලයන් දෙදෙනෙකු ඉදිරි දින කිහිපය ඇතුළත අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි වාර්තා වේ. පසුගිය රජය සමයේ අමාත්‍යවරු ලෙස කටයුතු කර ඇති මෙම දෙදෙනාට එල්ලවී ඇති චෝදනා සම්බන්ධ සාක්ෂි මත මෙම අත්අඩංගුවට ගැනීම් සිදුවන බවයි පැවසෙන්නේ. අල්ලස් කොමිසම සහ රහස් පොලිසිය විසින් කරන ලද විමර්ශනවල ප්‍රතිඵල ලෙස මෙම අත්අඩංගුවට ගැනීම් සිදුවනන බව වැඩිදුරටත් සඳහන් වේ. - [හොරට හැදූ වාහන විකුණා කෝටි 12ක් ගැරූ හිටපු ඇමැතිට වැඩ වරදී!](https://lankatimes.lk/former-minister-arrested-for-illegal-vehicle-fraud/): නීතිවිරෝධී අන්දමින් එකලස් කරන ලද රුපියල් කෝටි 12කට අධික වටිනාකමෙන් යුත් වාහන ව්‍යාජ ලෙස ලියාපදිංචි කළ බව කියන බස්නාහිර පළාතේ ප්‍රබල හිටපු ඇමැතිවරයෙකු නුදුරේදීම අත්අඩංගුවට පත් වෙන බව වාර්තා වේ. වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් විමර්ශන අරඹා ඇති අතර මෙම වාහන අතර අතිසුඛෝපභෝගී ජීප්රථ 6ක්ද ඇතුළත් වෙතැයි හෙළිව තිබේ. මෙම මහා පරිමාණ වංචාවට සම්බන්ධ හිටපු ඇමැතිගේ ගෝලයන් කිහිප දෙනෙක්ද, මෙම රථ නීතිවිරෝධී ලෙස ලියාපදිංචි කිරීමට සම්බන්ධ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රබලයන් කිහිප දෙනෙක්ද ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට නියමිත බවද වාර්තා වේ. අමාත්‍ය ධුරය දරණ සමයේ දේශපාලන බලය යොදාගෙන ජීප් රථ අමතර කොටස් හොර රහසේ ගෙන්වා එකලස් කර නීතිවිරෝධී […] - [රත්නපුර පළමු මත්කුඩු ඝාතනය : පොලිසියට එරෙහිව චෝදනා!](https://lankatimes.lk/first-drug-related-murder-in-ratnapura/): පසුගිය 30 වැනි දින කහවත්ත නගරයට නුදුරු පළන්සූරිය ගම තරුණයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් වෙඩි තැබීමක් සිදු කර තිබු අතර ඉන් 22 හැවිරිදි තරුණයෙකු මරුමුවට පත් විය. මත්කුඩු සිද්ධියකට අදාළව රත්නපුර පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වූ පළමු ඝාතනය මෙය බව කියැවේ. කෙසේ වෙතත්, මේ වන විට කහවත්ත පොලිසියේ ස්ථාධිපතිවරයා යාපනයේ සාමාන්‍ය රාජකාරීවලට මාරු කර යවා ඇත්තේ විමර්ශනවල පහසුව පිණිස යැ යි පවසමිනි. මිය ගිය තරුණයා පහළගම විතානලාගේ ඉමන්ත සුරංජන නම් අයෙකු වන අතර මෙයට වසරකට පෙර ඩුබායි වෙත ගොස් ඇති මීගොඩ අමිත් නමැති අය සමග මේ පවුල හිතවත්ව සිට ඇති නමුත් පසුව විරසකව ඇතැයි කියැවේ. ප්‍රදේශයේ මත් ජාවාරම සිය ගෝලයන් ලවා මෙහෙයවන්නේ […] - [ඇසිඩ්වල ගිල්වා දිය කළ කොංගෝ නිදහසේ කාහල නාදය: ලුමුම්බා!](https://lankatimes.lk/lumumba-the-voice-of-congolese-freedom/): 2025 ජුලි මස 02 වන දිනට (එනම් අද දිනට), අප්‍රිකානු කොංගෝ රාජ්‍යයේ පළමු නායකයා වූ පැට්‍රිස් ලුමුම්බා ඉපිද සියවසක් සපුරයි. බෙල්ජියමේ යටත්විජිතවාදී පාලනයට එරෙහිව දශක ගණනාවක් පුරා පැවති අරගලයකින් පසු කොංගෝව දේශපාලන නිදහස ලැබුණි. ඔහු නිදහස් වූ කොංගෝවේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරීපත්වූ පළමුවන අගමැතිවරයා විය.  විප්ලවවාදී ජාතිකවාදියෙකු වූ ඔහු, නිදහස සඳහා අරගලයේ ප්‍රධාන නායකයෙකුද විය. සති දහයක පමණ ඉතාම කෙටිකලකින් කුමන්ත්‍රණකාරී ලෙස අත්අඩංගුවට ගෙන කුරිරු අමානුෂික වදහිංසනයට ලක්කර මරාදැමුණු ලොව ප්‍රථම අගමැතිවරයා වන්නේ ද ඔහුය. එසේ මරාදැමූ හේතුවත්, කවුරු විසින් කාගේ වුවමනාවක් සඳහා සිදුකරන ලද්දක්දැයි, ලුමුම්බාගේ සියවන උපන්දිනය සමරන අද දින සොයා බැලීම වැදගත් යයි හඟිමි. ලුමුම්බා කොංගෝවේ බටෙටෙලා ගෝත්‍රයේ, ඔනලුවා ගම්මානයේ […] - [අර්ච්චුනාට මන්ත්‍රී අසුන අහිමි වෙයි? ; ගොනුකළ පෙත්සමකට අධිකරණයෙන් නියෝගයක්](https://lankatimes.lk/will-archuna-lose-his-mp-seat/): පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (2) අවසර දුන්නේය. එහෙත් පෙත්සමෙන් ඉල්ලා තිබූ පරිදි අර්ච්චුනා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම හා ඡන්දය ප්‍රකාශ කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් මෙම අවස්ථාවේදී නිකුත් නොකරන බවයි විනිසුරු මඩුල්ල එහි දී ප්‍රකාශ කර ඇත්තේ. අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් විසින් ගොනු කර තිබූ මෙම පෙත්සම මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝග නිකුත් කර තිබුණි. පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ආශෝක් බරන් අධිකරණය හමුවේ සඳහන් කර තිබුණේ, වගඋත්තරකාර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට තේරී […] - [එක් අයෙකුට මරු කැඳවූ මධ්‍යම අධිවේගයේ බිහිසුණු අනතුර](https://lankatimes.lk/accident-on-the-central-expressway-that-claimed-one-life/): මධ්‍යම අධිවේගී මාර්ගයේ 76.5 වන කිලෝමීටර් කණුව අසල දී අද (2) අලුයම 3.00ට පමණ බිහිසුණු අනතුරක් සිදුව තිබේ. සුඛෝපභෝගී බස් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් සිදු වූ මෙම අනතුරින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 07 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. කොළඹ සිට කුරුණෑගල දෙසට යතුරුපැදි රැගෙන යමින් තිබූ ලොරි රථයක පිටුපස සුඛෝපභෝගී බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි. බේරුවල සිට කාත්තන්කුඩි දක්වා චාරිකාවක් යමින් සිටි බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 23ක් පැමිණ ඇති අතර අනතුරින් මියගොස් ඇත්තේ බස් රථයේ ගමන් කරමින් සිටි 52 හැවිරිදි බේරුවල – ලියනගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. […] - [ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගැන විශේෂ තීරණයක් ; වැළලුණු රහස් යළි ගොඩඑන ලකුණු](https://lankatimes.lk/special-decision-regarding-srilankan-airlines-signs-that-buried-secrets-are-resurfacing/): ශ්‍රීලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේ දී සිදු වී ඇති වංචා, දූෂණ හා අක්‍රමිකතා සෙවීම සඳහා ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවත් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ එලෙස අනුමැතිය හිමි වී ඇත. සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම මඟින් රටේ ආර්ථික අභිවෘද්ධිය සඳහා දායකත්වයක් සැපයුව ද එය පවත්වාගෙන යාම සඳහා රජයට අධික වැය බරක් දැරීමට සිදුව ඇති අතර, එම සමාගම වාර්ෂිකව ලබන අධික පාඩුව රටේ ආර්ථිකයට දරා ගැනීමට අපහසු වී ඇත. ඒ අනුව, මෙම සමාගම ආර්ථිකමය වශයෙන් වාසිදායක, කාර්යක්ෂම හා ඵලදායී රාජ්‍ය ආයතනයක් බවට පත් කර, නවීන තාක්ෂණය […] - [Starlink අන්තර්ජාල සේවාව දැන් ශ්‍රී ලංකාවටත් - මස්ක් තහවුරු කරයි](https://lankatimes.lk/starlink-internet-service-in-srilanka/): ‘Starlink’ අන්තර්ජාල සේවාව මේ වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක බව ලොව සුප්‍රකට ව්‍යාපාරික ඊලොන් මස්ක් ඔහුගේ “X” ගිණුමෙහි සටහනත් තබමින් පවසයි. සීමාසහිත ස්ටාර්ලින්ක් ලංකා (පුද්ගලික) සමාගමට චන්ද්‍රිකා තාක්ෂණය භාවිතයෙන් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සේවා සැපයීම සඳහා “විදුලි සංදේශ සේවා සැපයුම්කරු” බලපත්‍රයක් නිකුත් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව 2024 අගෝස්තු 14 වනදා කටයුතු කළේය. ශ්‍රී ලංකාවේ දැනට පවතින ෆයිබර් තාක්ෂණ අන්තර්ජාල සේවාව මෙන් කිහිප ගුණයකින් මෙම අන්තර්ජාල සේවාව වේගවත් වීම නිසා හා ලෝකයේ ඕනැම ස්ථානයක සිට මෙම සේවාව ලබා ගැනීමට මෙමගින් හැකියාව හිමිවනු ඇති බව වාර්තා වේ. Starlink යනු අමෙරිකානු අභ්‍යවකාශ සමාගමක් වන SpaceX හි පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන ජාත්‍යන්තර […] - [උසස් පෙළ සමතුන්ට විදෙස් සරසවි වරම් ; තෝරගන්නා හැටි මෙන්න](https://lankatimes.lk/foreign-university-opportunities-for-a-l-graduates-heres-how-to-choose/): උසස් පෙළ විභාගය ඉහළින් සමත් වූ සිසුන් හට සිය ප්‍රථම උපාධිය ජාත්‍යන්තර ඉහළ ශ්‍රේණිගත කිරීමක් සහිත විදේශීය විශ්වවිද්‍යාලයක හැදෑරීම සඳහා අවශ්‍ය ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහනට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව “ශිෂ්ට සම්පන්න පුරවැසියෙක් – දියුණු මානව සම්පතක්” නිර්මාණය කිරීමේ අරමුණ යථාර්ථවත් කිරීම උදෙසා මෙලෙස ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරෙන බව සඳහන්. ඒ උදෙසා 2025 අයවැය යෝජනාවක් මඟින් රුපියල් මිලියන 200ක ප්‍රතිපාදන වෙන්කර ඇති බවයි රජය පවසන්නේ. මෙම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ අන්තර්ජාතික විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් දර්ශකයන්හි පළමු ස්ථාන 500 අතර පවතින, ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් සිදුකෙරෙන විදේශීය විශ්වවිද්‍යාල වෙතින් උපරිම වසර 04ක් සඳහා උපාධි පාඨමාලා […] - [Breaking: යෝෂිතට සහ ඩේසි ආච්චිට යළිත් අධිචෝදනා](https://lankatimes.lk/indictments-served-on-yoshitha-rajapaksa-and-his-grandmother/): හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරොස්ට් යන අයට අද (02) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දුන්නේය. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වූ තවත් නඩුවක් සඳහා ඔවුන් දෙදෙනාට එරෙහිව අධිචෝදනා භාර දී ඇති බව සඳහන්. කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න ඉදිරියේ මෙම අධි චෝදනා භාරදීම සිදුවුණි. ඉන් අනතුරුව විත්තිකරුවන් දෙදෙනා ඇප මත මුදා හැරීමට ද අධිකරණය නියම කළේය. - [රජය වී මිල දී ගැනීම හෙටින් ඇරඹෙයි ; මිල ගණන් මෙන්න](https://lankatimes.lk/government-paddy-procurement-begins-tomorrow-here-are-the-prices/): වී අලෙවි මණ්ඩලය විසින් හෙට (03) සිට වී මිලදී ගන්නා බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි. ඒ අනුව, පහත මිල ගණන් යටතේ වී මිලදී ගැනීමට නියමිතයි. - [IMF සිව්වන සමාලෝචනයට විධායක මණ්ඩලයේ අවසරය](https://lankatimes.lk/imf-executive-board-approves-fourth-review/): ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF)විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254ක්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක් පමණ වෙනුවෙන් ප්‍රවේශය හිමිවන අතර මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ලබා දී ඇති මුළු මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 1.74ක් දක්වා ඉහළ යනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා විසින් මේ බව නිවේදනය කර සිටී. - [බස් ගාස්තුව 0.55%කින් අඩු වේ!](https://lankatimes.lk/bus-fare-reduction-by-a-small-percentage/): ජූලි මස 04 වැනි දින සිට බස් ගාස්තුව අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඒ 0.55%ක ප්‍රමාණයකිනුයි. 2025 වසරේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය 2.5%කින් අඩු වන බව නිරීක්ෂණය වූ නමුත් ඉන්ධන මිල සූත්‍රය අනුව මාසික ඉන්ධන මිල සංශෝධනය සිදුවූ බැවින් ඉන්ධන මිල ගැලපීමෙන් පසුව නව බස්ගාස්තු සංශෝධනය 0.55%කින් අඩු කිරීමට තීරණය කළ කොමිෂන් සභාව පවසයි. කෙසේ වෙතත් අවම ගාස්තුවේ සංශෝධනයක් සිදු නොවේ. - [''වැලිගම සජබ සභාපති අපේක්ෂයා අපරාධකරුවෙක්'' ; මාලිමාවෙන් හෙළිදරව්වක්](https://lankatimes.lk/weligama-sjb-chairman-candidate-is-a-criminal-a-revelation-from-the-npp/): වැලිගම ප්‍රාදේශීය සභාවට සමඟි ජන බලවේගයෙන් පත් කිරීමට සූදානම් වන සභාපතිවරයාට ප්‍රාදේශීය සභාවට වඩා වැඩි කාලයක් උසාවියේ ගත කිරීමට සිදු වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ජාතික ජන බලවේගයේ වැලිගම ආසන සංවිධායක අර්කම් ඉල්යාස් ප්‍රකාශ කළේය. ඔහු මේ බව පැවසුවේ වැලිගම ප්‍රාදේශීය සභාවේ මංගල රැස්වීම දින මාලිමාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පැහැර ගැනීම සම්බන්ධයෙන් එම පක්ෂය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකට එක් වෙමිනි. වැලිගම ප්‍රාදේශීය සභාවේ සමඟි ජන බලවේගයේ කණ්ඩායම් නායකයා ගැන වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ සඳහන් කළේය. “මිනීමැරුම්, ආයුද ළඟ තබා ගැනීම්, බියවැද්දීම් වගේ වැරදි ගණනාවකට චෝදනා එල්ල වූ පුද්ගලයෙක් තමයි සමඟි ජන බලවේගය විසින් වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති තනතුරට පත් […] - [හිටපු මෝටර් රථ කොමසාරිස් ඇතුළු තිදෙනෙකුට මාංචු](https://lankatimes.lk/nishantha-anurudda/): මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වූ නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ඇතුළු තිදෙනෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අද (01) අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණි. ශ්‍රී ලංකා රේගුවේ නිශ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ආකාරයෙක් ලියාපදිංචි වූ වාහන සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව සඳහන්. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ ටොයොටා වර්ගයේ ජීප් රථයකට අදාළ අංක තහඩුව නිකුත් කිරීමට අනුමැතිය ලබා දීම සම්බන්ධව ඔහු සහ ඊට අදාළව අනීතිකව දත්ත ඇතුළත් කිරීමට අවස්ථාව සලසාදීම සහ අදාළ දත්ත ඇතුළත් කිරීම සම්බන්ධව එම දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂ, තොරතුරු තාක්ෂණ ප්‍රියන්ත බණ්ඩාර […] - [ලීක් වූ හඬපට‍යක් නිසා තායිලන්ත අගමැතිනියගේ වැඩතහනම්!](https://lankatimes.lk/thailands-prime-minister-suspended-over-leaked-phone-call/): තායිලන්තයේ අගමැතිවරිය වූ පේටොංටාර්න් ෂිනවත්‍රාගේ වැඩ තහනම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. කාම්බෝජයේ හිටපු නායක හුන් සෙන් සමඟ සිදුකළ දුරකතන සංවාදයක් ලීක් වීම හේතුවෙන් මෙලෙස ඇගේ වැඩ තහනම් කර ඇතැයි සඳහන්. කාම්බෝජයේ හිටපු නායකයා අමතා ඇය සිය තායි හමුදා අණ දෙන නිලධාරියෙකු විවේචනය කර ඇති අතර එම හඬපටය හේතුවෙන් මහජන කෝපයක්ද ඇතිවී තිබුණි. ඒ අනුව ඇයව සේවයෙන් පහ කිරීම සඳහා පෙත්සමක් ඉදිරිපත් කර ඇති අතර එය මේ වන විට එරට අධිකරණයේ සලකා බලමින් පවතින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 38 හැවිරිදි පේටොංටාර්න් තායිලන්තයේ ලාබාලතම නායිකාව වන අතර ඇගේ නැන්දනිය වූ යින්ලක් ෂිනවත්‍රාට පසුය අගමැති ධුරයට පත් වූ […] - [හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී! ; 24 වැනිදා දඬුවම් නියමවෙයි](https://lankatimes.lk/harsha-ilukpitiya/): ආගමන සහ විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා කොන්දේසි විරහිතව වරද පිළිගන්නා බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ. විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළව අධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණි. ඒ අනුව ඔහුට දඬුවම් නියම කිරීම මේ මස 24 වැනිදා සිදු කරන බවයි අධිකරණය නිවේදනය කළේ. - [ලිට්‍රෝ ගෑස් මිල ගැන ගත් තීරණය මෙන්න](https://lankatimes.lk/litro-gas-price-in-july-month/): ජුලි මාසයට අදාළ ගෑස් මිල සංශෝධනය සම්බන්ධව එම ආයතනය දැනුම්දීමක් සිදුකර තිබේ. එම ආයතනය පැවසුවේ ජූලි මාසයේ දී ලිට්‍රෝ ගෑස් මිලේ කිසිදු සංශෝධනයක් නොවන බවයි. ඒ අනුව ,කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 3,690ක් වන අතර කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 1,482කි. තව ද කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් අලෙවි මිල රු. 694ක් ලෙස දැක්වේ. - [ශිරන්තිගේ සහෝදරයාට ඇප නෑ!](https://lankatimes.lk/nishantha-wickramasingha-not-bail/): රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. ඒ අනුව, ඔහු ලබන 15 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියම කර ඇත්තේ. අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මෙම නියෝගය නිකුත් කළාය. එදිනට පෙර විමර්ශන කටයුතු අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමට නියම කරනු ලැබීය. - [ගමක් හඬවා සුරතල් පුතු නොඑන ගමන් යයි ; නොසැලකිලිමත්කම නිසා සිදු වූ ඛේදවාචකය](https://lankatimes.lk/yesterday-road-accident-3-year-baby-dead/): කාත්තන්කුඩි පොලිස් වසමේ, මඩකලපුව කල්මුණේ මාර්ගයේ සිට අරියම්පති කාලි කෝවිල් අතුරු මාර්ගයේ ඊයේ (30) සිදු වූ බිහිසුණු අනතුරකින් 03 හැවිරිදි දරුවෙකු මියගොස් තිබේ. බස් රථයක් පසුපසට ධාවනය කිරීමේ දී දරුවාගේ ගැටී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි. අනතුරින් බරපතළ තුවාල ලබාසිටි දරුවා අරියම්පති රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ, ආරියම්පති 01 ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිමි දරුවෙකි. සිය මව සමඟ ඇයගේ වැඩපළ වෙත යන අතරතුර මෙම අනතුර සිදුව තිබේ. අනතුර සිදුකළ බස් රථයේ රියදුරු කාත්තන්කුඩි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි. - [ලාෆ්ස් ගෑස් මිල ගැන දැනුම්දීමක්](https://lankatimes.lk/notice-regarding-the-price-of-laughter-gas/): ජූලි මාසයට අදාළ ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් එම ආයතනය දැනුම්දීමක් සිදුකර තිබේ. ඒ අනුව, ජූලි මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලේ කිසිදු වෙනසක් සිදු නොවන බවයි එහි අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ.පීරිස් මහතා පැවසුවේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4100.00 මිලකටත්, කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,645.00කටත් අලෙවි කෙරේ. - [සීට් බෙල්ට් නීතිය දැඩිවෙයි ; අධිවේගයේ ගමන් කරන සියලුම මගීන්ට සීට් බෙල්ට් අනිවාර්යයි](https://lankatimes.lk/seat-belts-are-mandatory-for-all-passengers-traveling-on-expressways/): 2025 අගෝස්තු 01 වන දින සිට අධිවේගී මාර්ගවල සැහැල්ලු වාහනවල ගමන් කරන සියලුම මගීන් ආසන බඳපටි පැලඳීම අනිවාර්යය කර තිබේ. ඒ අනුව පිටුපස ආසනවල යන මගීන් ද ආසන පටි පැලඳීම කළ යුතු බව සඳහන්. තව ද සැප්තැම්බර් 01 වන දින සිට අධිවේගී මාර්ගවල ගමන් කරන සියලුම වාහනවල, ආසනවල ගමන් කරන මගීන්ට ආසන බඳපටි පැලඳීම අනිවාර්යය කර ඇත. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (01) උදෑසන කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මේ බව කියා සිටියේය. රිය අනතුරුවලින් විශාල ප්‍රමාණයක් ජීවිත අහිමි වන බවත් එම තත්ත්වය මඟ හැරීම සඳහා මෙම තීරණය ගත් බවත් අමාත්‍යවරයා පැවසීය. […] - [ඉහළ ගිය ඉන්ධන මිල බස් ගාස්තු සංශෝධනයටත් හරස් වන ලකුණු](https://lankatimes.lk/signs-that-increased-fuel-prices-will-hinder-bus-fare-revision/): ඉන්ධන මිල සංශෝධනයත් සමග බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරි දින දෙක තුළ තීරණය කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. ජාතික ගමනා ගමන කොමිසම රැස්වී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණක් ගැනීමට නියමිත බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය සඳහන් කළේ. වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ජුලි මස පළමුවන දින සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණ ද ඉන්ධන මිල සංශෝධනයත් සමග එය අද (01) දිනයේ ක්‍රියාත්මක නොවන බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ. - [සමුගත් පාපැදි ශූරයාට සබරගමු ආණ්ඩුකාරවරියගේ ගෞරවය පුද කෙරේ](https://lankatimes.lk/governor-pays-last-respects-to-deceased-cycling-champion/): අභාවප්‍රාප්ත ප්‍රවීණ පාපැදි ශූර ඒ. එම්. සුමනවීර වෙත අවසන් ගෟරවය දැක්වීම සඳහා චම්පා ජානකී රාජරත්න සබරගමු පළාත් ආණ්ඩුකාරතුමිය ඊයේ (30) නිවිතිගල පිහිටි නිවස වෙත ගොස් තිබුණි. සුමනවීර කලක් මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ දිදුලන නමක් ලෙස වැජඹුණේ පාපැදි ශූරයෙක් ලෙසිනි. වර්ෂ 1948 අප්‍රේල් මස 19 වන දින මාතර මිරිස්සේ දී ජන්ම ලාභය ලැබූ ඒ. එම්. සුමනවීරයන් සිය පියාගේ අවෑමෙන් රත්නපුර දෑල වෙත සිය මව් සහ සහෝදර සහෝදරියන් සමග පැමිණෙන්නේ ඔහුට වයස අවුරුදු හය සම්පූර්ණ වූ විටදීය. ඉන් ඉක්බිති වූ දෑල පිහිටි සිය පියාගේ ව්‍යාපාර කටයුතු සිය දෙවුර මතට ගෙන සුමනවීරයන් සහ ඔහුගේ සහෝදර සහෝදරියන් පෝෂණය කර උස් මහත් කිරීමට සුමනවීරයන්ගේ මව සමත් […] - [පරමායුෂ වළඳා නික්ම ගිය කවුද මේ ගාමිණී ලොකුගේ?](https://lankatimes.lk/a-description-of-gamini-lokuge/): මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ සෑහෙන කාලයක් ක්‍රියාකාරීව සිට ගාමිණී ලොකුගේ නම් දේශපාලකයා ඊයේ මිය ගියේ, වයස අවුරුදු 82ක සුවපහසු ජීවිතයක් ගෙවා දමා අවසානයේ ය. ලොකුගේ 1943 මැයි 8 වැනි දා පිළියන්දලදී උපන්නේය.  පිළියන්දල මධ්‍ය විද්‍යාලයෙන් සහ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙන් අධ්‍යාපනය හදරා ඇති ඔහු 1960 වර්ෂයේදී එක්සත් ජාතික පක්ෂයට එක් විය. වසර 23ක දේශපාලන ගමනකින් පසු 1983දී ඔහු පළමුවරට කැස්බෑවෙන් පාර්ලිමේන්තු ආවේ ය. මෙරට භීම සමයක් ඔහු පාලක දක්ෂිණාංශික කඳවුරේ – ප්‍රධාන නගරයේ ප්‍රබල නියමුවෙක් විය. 1989 දී ඔහු සංචාරක අමාත්‍යවරයා ලෙසද කටයුතු කළේ ය. ගාමිණී ලොකුගේ යන නම 88-89 යුගයේ බොහෝ තරුණ ඝාතන සම්බන්ධයෙන් ගෑවී තිබුණි. විජය කුමාරතුංග ඝාතනය සිදු වූයේ ඔහුගේ […] - [කහවත්තේ වෙඩි තැබීමක්!](https://lankatimes.lk/shooting-in-kahawatta/): කහවත්ත පොලිස් වසමේ, යායින්න ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්වී තවත් තරුණයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.ෙ කහවත්ත, යයින්න, කොස්කෑල්ල ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රී පැමිණි පුද්ගලයින් සිව්දෙනෙකු නිවසේ සිටි තරුණයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් පාලු ප්‍රදේශයකට ගෙන ගොස් වෙඩි තබා ඇති බවයි මූලික විමර්ශනවලින් හෙළි වී ඇත්තේ. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 22 හැවිරිදි තරුණයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර 27 හැවිරිදි අනෙක් තරුණයා ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බව පොලීසිය සඳහන් කරයි. කවුරුන් විසින් කුමන හේතුවක් මත මෙම වෙඩි තැබීම සිදුකළේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර කහවත්ත පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ. - [BREAKING - ඉන්ධන මිල ඉහළට!](https://lankatimes.lk/breaking-fuel-prices-rise/): ඉන්ධන මිල සූත්‍රය අනුව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට මිල සංශෝධනයක් සිදු වන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කරයි. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින්  ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 305කි. ලංකා භූමිතෙල් මිල ද රුපියල් 07කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 185කි. ඔක්ටේන් 95 පෙට්‍රල්  සහ ලංකා සුපර් ඩීසල් මිල නොවෙනස්ව පවතිනු ඇත.  - [Breaking ; හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි](https://lankatimes.lk/gamini-lokuge/): හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ  මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 82 වැනි වියේ පසු විය. - [කලාප අධ්‍යාපන කාර්යාලයක නිලධාරියෙකුත් නිරුවත් ඡායාරූප බෙදිල්ලක!](https://lankatimes.lk/zonal-education-office-official-uploads-nude-photos/): හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයට අනුයුක්තව සේවය කළ අධ්‍යාපන සංවර්ධන නිලධාරියෙක් නිරුවත් ඡායාරූප අන්තර්ජාලය වෙත මුදා හළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රහස් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. මොහු වයස 39ක පමණ අයෙක් වන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිගණක අපරාධ විමර්ශන මහනුවර ඒකකයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. - [දියටැඹේ ව්‍යාපාරිකයාගේ ඝාතනයට සැක තරුණයින් දෙදෙනෙක් අල්ලයි ; ලක්ෂ ගාණක් වටින දෑ පැහැරගෙන කුරිරු ලෙස ඝාතනය කරලා](https://lankatimes.lk/diyatabe-murder/): මහව දියබැටේ කැළෑබද ප්‍රදේශයක කාර් රථයක් තුළ පිළිස්සී මියගිය ව්‍යාපාරිකයාගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි පොලිස් කණ්ඩායම් කිහිපයක් යටතේ සිදුකළ විමර්ශන මගින් අනාවරණය වී ඇත්තේ ව්‍යාපාරිකයා කිසියම් පිරිසක් විසින් ඝාතනය කර ඇති බවයි. පොලිසිය පවසන්නේ මියගිය පුද්ගලයා සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටිය දී සැකකරුවන් විසින් පැහැරගෙන ගොස් ඝාතනය කර ඔහු සන්තකයේ තිබූ රන් භාණ්ඩ, ජංගම දුරකථනය හා මුදල් රැගෙන පලාගොස් ඇති බවයි. ඒ අනුව සිදුකළ විමර්ශනවලින් අනතුරුව එම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් පිරිසක් ඊයේ (29) දොරටියාව සහ මහව ප්‍රදේශයේ සිටිය දී අත්අඩංගුවට ගෙන […] - [බෝරා ප්‍රජාවගේ පල්ලිය වීඩියෝ කළ පොඩි සහරාන් අත්අඩංගුවට!](https://lankatimes.lk/podi-saharan-arrested/): බම්බලපිටිය ප්‍රදේශයේ බෝරා ප්‍රජාව ආගමික කටයුතු සිදු කළ දේවස්ථානය ආශ්‍රිතව සැකකටයුතු ලෙස හැසිරෙමින් අදාළ වීඩියෝගත කරමින් සිටි පොඩි සහරාන් ලෙස හැඳින්වෙන පස්රුල් රහ්මාන් මොහොමඩ් සරහාන් නමැති සරසවි සිසුවා අත්අඩංගුවට ගෙන ඇත. මොහු බම්බලපිටිය ප්‍රදේශයේ පුද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්නා බව කියන මහනුවර අයෙකි. පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමේ චෝදනාවක් මත මීට පෙර ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස්ව සිටි අයෙකු බවට ඒ අතර පොලිසිය තහවුරු කරගෙන තිබේ. රාජ්‍ය බුද්ධි සේවයෙන් ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන්, බෝරා දේවස්ථානය සහ බම්බලපිටිය දුම්රිය ස්ථානය ආවරණය වන පරිදි සැකකරු වීඩියෝ කරමින් සිටියදී දේවස්ථානය ආසන්නයේ දුම්රිය […] - [මහ පාරේ නාට්‍ය පෙන්වූ හිරුණිකාගේ නඩුව කල් යයි!](https://lankatimes.lk/court-oder-for-hirunika-premachandra/): 2023 වසරේ කොළඹ නිදහස් චතුරස්‍රය අසල මං මාවත් අවහිර කරමින් විරෝධතා පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් 15 දෙනාට අදාළ නඩුව දෙසැම්බර් මස 08 වන දින යළිත් කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (30) නියම කළේය. මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය හමුවේ කැඳවූ අවස්ථාවේ දී එම නියෝගය ලබා දී තිබේ. එහිදී කුරුදුවත්ත පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර වාර්තා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවය. ඒ අනුව පැමිණිල්ල දෙසැම්බර් මස 08 වැනිදා යළි කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරිය එදින නීතිපති උපදෙස් සම්බන්ධයෙන් අධිකරණයට දැනුම් දෙන ලෙසත් පොලිසියට දැනුම් […] - [රන් ගිනි අවි සිද්ධිය ; දුමින්දගේ ඇප ඉල්ලීමට අධිකරණයෙන් නියෝගයක්](https://lankatimes.lk/courd-oder-for-duminda-dissanayaka/): මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍යවරයකු වන දුමින්ද දිසානායක ඇප මත මුදා හරින්නැයි ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම විමසීම සඳහා ජූලි මස 14 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. ඒ, මෙම පෙත්සම අද (30) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවීමෙන් අනතුරුව ය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ, අධිකරණය හමුවේ ඉදිරිපත් වූ කරුණු තුළින් මෙම පෙත්සම සම්බන්ධයෙන් විමසීමක් සිදුකිරීම සුදුසු බව තීන්දු කරන බවයි. ඉදිරිපත් කර ඇති වාර්තා පිරික්සීමේ දී මෙම විමර්ශන ගොනු, මේ වන විට නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර නීතිපතිවරයාගේ අධීක්ෂණයට භාජනය වී තිබෙන බව පෙනී යන බවයි විනිසුරුවරයා තවදුරටත් පවසා […] - [SSP මනතුංග පොළොන්නරුවට යවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර ASP වුට්ලර්ට](https://lankatimes.lk/asp-wutler-appointed-as-police-media-spokesperson/): ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් කිහිප දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ. පොලිස් මූලස්ථානය පැවසුවේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි මෙම ස්ථාන මාරුවීම් ලබා දුන් බවය‍. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයේ කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා ද පොළොන්නරුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස පත්කර යවා තිබේ. ඔහු මීට පෙර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ අතර, පොලිස්පතිවරයාගේ ඉල්ලීම මත මෑතක් වනතෙක් එම ධුරයේ කටයුතු කරනු ලැබීය. ඒ අනුව, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතාගෙන් පුරප්පාඩු වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරය සඳහා සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පත්කර ඇත. මීට අමතරව, […] - [ඉන්දීය නිළි සුරූපිණිය හදිසියේ මරුට!](https://lankatimes.lk/indian-actress-beauty-dies-suddenly/): ඉන්දියානු නිළියක් සහ නිරූපිකාවක් වන ෂෙෆාලි ජරිවාලා පසුගිය සිකුරාදා (27) ඇගේ නිවසේදී මිය ගොස් තිබේ. මිය යන විට ඇය 42 වියැති වූවාය. මුම්බායි පොලිස් වාර්තා අනුව ඇය නිවසේ දී ඇද වැටී ඇති අතර නළුවෙකු වන සැමියා ඇය රෝහල්ගත කර ඇත. නමුත් රෝහලට ගෙන එන විටත් ඇය මියගොස් තිබු බව සඳහන්. මියයාමට හේතුව හදිසි හෘදයාබාධයක් බවයි පැවසෙන්නේ. නිරහාරව සිට ඇති ඇය වයස්ගතවීම වැලැක්වීමේ එන්නතක්ද ලබාගෙන තිබු බව වෛද්‍යවරු අනාවරණය කර තිබේ. රුධිර පීඩනයේ පහළ වැටීමක් සිදුව ඇති බවද ඔවුන් කියති. කෙසේ වෙතත්, සිනමාපට 13ක් සහ ඉන්දීය රියැලිටි වැඩසටහන්වල පෙනී සිටි ඇයගේ වියෝව ඉන්දියානු විනෝදාස්වාද කර්මාන්තය කම්පනයට පත්කර ඇත. - [හිටපු ඇමති ලක්ෂ්මන් යාපාට අධිචෝදනා ; හේතුව මෙන්න](https://lankatimes.lk/former-minister-lakshman-yapa-indicted/): හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජයන්ත එදිරිසිංහ යන අයට කොළඹ මහාධිකරණය හමුවේ අද (30) අධිචෝදනා පත්‍ර භාර දී තිබේ. මහින්ද රාජපක්ෂගේ දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් 2014 වසරේ නොවැම්බර් මස 19 වනදා පුවත්පත් කිහිපයක ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල්වලින් පුවත්පත් 11ක අතිරේක පළ කිරීම තුළින් රජයට 1,748,877.76 ක මුදලක් පාඩු කිරීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබේ. අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ මෙම අධිචෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න ඉදිරියේ විත්තිකරුවන්ට භාර දෙනු ලැබීය. මෙම නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර […] - [ඒක අසත්‍ය පුවතක්; මල්වතු මහා විහාරයෙන් නිවේදනයක්](https://lankatimes.lk/malwatta-mahavihara-issues-statement-regarding-fake-news/): හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් මල්වතු මහානායක හිමිපාණන්ගෙන් සිදුකළ ඉල්ලීමක් සම්බන්ධයෙන් ප්‍රචාරය වන සාවද්‍ය පුවතක් පිළිබඳ මල්වතු මහාවිහාරයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. “ශිරන්තිව අත්අඩංගුවට ගන්න එපා කියලා අනුරට කියන්නකෝ, මහින්ද මල්වතු නා හිමියන්ගෙන් ඉල්ලයි” යන ශීර්ෂපාඨයෙන් සාවද්‍ය පුවතක් පළ කර ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. අදාළ පුවතේ සඳහන් පරිදි කිසිදු හමුවක් හෝ දුරකථන සංවාදයක් සිදුව නොමැති අතර, එවැනි සාවද්‍ය පුවත් නිර්මාණය කරමින් හා ප්‍රචාරය කරමින් අනවශ්‍ය ජන කැලඹීමක් ඇති කිරීමට උත්සාහ දරන පුද්ගලයින් හා සංවිධාන සම්බන්ධයෙන් ඉදිරියේදී නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. මල්වතු මහා විහාරයේ, උපලේඛකාධිකාරී, මහවෙල රතනපාල හිමියන් මහානායක මාහිමිපාණන්ගේ නියමය පරිදි අදාළ නිවේදනය නිකුත් තිබේ. […] - [චමල් රාජපක්ෂ මූල්‍ය වංචා චෝදනාව: සාක්ෂිකරු අතුරුදන් නිසා විමර්ශන කොට උඩ!](https://lankatimes.lk/the-arrest-of-chamal-rajapaksa-has-been-halted/): හිටපු අමාත්‍ය සහ කතානායක චමල් රාජපක්ෂ වෙත එල්ල  වුණු මූල්‍ය වංචා චෝදනාවකට අදාළව ප්‍රධාන සාක්ෂිකරුවෙකු අතුරුදහන්ව ඇති නිසා එම විමර්ශන කටයුතු අඩාල වී ඇතැයි වාර්තා වේ. තමනට අයත් තිස්සමහාරාමයේ තිබෙන නිවසක් අරගල සමයේ විනාශ කරන ලදැයි පවසමින් වන්දි ලබාගැනීමේ සිදුවීමක් මෙම විමර්ශනයට පාදක වී තිබුණි. මෙම ස්ථානයේ නිවසක් නොපැවති බවත්, එහි පැරණි වී ගබඩාවක් තිබු බවත්, එයද ඔහුට නොව වෙනත් අයෙකුට අයත් බවත් අනාවරණය වී තිබේ. එසේ ම මෙම ව්‍යාජ තොරතුරු මත පදනම් රුපියල් එක්කෝටි පනස් ලක්ෂ විසිදෙදහස් හයසියයක මුදලක් ලබාගෙන තිබෙන බවයි පැවසුණේ. ඉඩමේ සැබෑ හිමිකරුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් එම පුවත සිළුමිණ පුවත්පතට ලබා දී […] - [යෝජිත විදුලිබල පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මෙන්න ; ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා](https://lankatimes.lk/supreme-courts-decision-on-the-proposed-electricity-act-announced/): විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය නියෝජ්‍ය කථානායක විසින් අද (30) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. ඒ අනුව, අදාළ පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවත් ඒ අනුව විශේෂ පාර්ලිමේන්තු බහුතරයකින් සහ මහජන ජනමත විචාරණයකින් අනුමැතිය ලබාගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇත. කෙසේ වෙතත්, අධිකරණ නිර්ණායකයන්ට අනුකූල වන ආකාරයෙන් වගන්ති සංශෝධනය කළහොත් මෙම උල්ලංඝනයන් අදාළ නොවන බව ද සඳහන්ය. - [මෘදුකාංග ඉංජිනේරුවා පාසල් දැරියන්ට හදි කරලා: දරුවන් ගැන වැඩියෙන් සොයා බලන්න!](https://lankatimes.lk/software-engineers-have-abused-girls/): පාසල් දැරියන් තිදෙනෙකු වරින් වර තම නිවෙස වෙත ගෙන ගොස් ලිංගික අපයෝජනයට ලක් කළ බවට සැකපිට 30 වියැති විවාහක මෘදුකාංග ඉංජිනේරුවරයෙකු අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය පවසයි. අතවරයට පත් බව කියන දැරියන් තිදෙනා, වයස 16 සහ 13 වයස්වල පසුවේ. වෛද්‍ය පරීක්ෂණ සඳහා හොරණ දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කර තිබේ. සැකකරුගේ සුඛෝපභෝගී මෝටර් රිය සහ ජංගම දුරකතනයද පොලිස් භාරයට ගෙන ඇත. මීට වසරකට පමණ ඉහතදී දිනයක මෙම සැකකරු 16 වියැති දැරිය පා ගමනින් පාසල වෙත යද්දී, උදව් කරන මුවාවෙන් ඇය සිය රථයට නංවාගෙන මිතුරු වී නිවසේ කිසිවෙකු නොමැති අවස්ථා ගණනාවකදී ඇය සිය නිවස වෙත ගෙන ගොස් ඇතැයි අනාවරණය වී ඇත. එසේ […] - [පොලිසියේ ලොක්කෝ කිහිපයකට තැන් මාරුවක් ; CID අධ්‍යක්ෂිකා මුතුමාලටත් වෙනත් තැනක්](https://lankatimes.lk/several-police-chiefs-transferred/): ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ. ඒ, ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය යටතේ ය. ඒ අනුව, අදාළ නිලධාරීන්ගේ පත්කිරීම් හා ස්ථානමාරු කිරීම් පහතින් දැක්වේ. - [කියවීම වළපල්ලට - පොත්වලට මිල 20%කින් ඉහළට!](https://lankatimes.lk/prices-of-books-increased-by-20/): එකතු කළ අගය මත පනවන බදු හෙවත් වැට් (VAT) බදු සහ ජාතිය ගොඩනැගීමේ බද්ධ අය කිරීම තුළින් මුද්‍රිත පොතක මිල සියයට 20කින් ඉහළ ගොස් ඇති බව ජාතික පොත් ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසයි. ජාතික පොත්  ව්‍යාපාරිකයින්ගේ සංගමයේ වාර්ෂික සංවත්සරයට එක්වෙමින් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති  සමන්ත ඉන්දීවර ප්‍රකාශ කළේ, “20%ක් ඒ කියන්නේ 5න් එකක පමණ ප්‍රමාණයකින් පොතක මිල වැඩිවෙලා තියෙනවා. නිලධාරීන් පටලවාගෙන ඉන්නවා 15%ක් තිබුණා කලින් වැට් බද්ද ලිපි ද්‍රව්‍ය ආදි සියලුම දේට. නමුත් මුද්‍රිත පොතට තිබුණේ නෑ වැට් බද්දක්. ඒක තමා 0 – 18% කෙලින්ම එකතු වුණේ. ලිපි ද්‍රව්‍යවලට තිබුණේ 3%ක් විතරයි. මේ කාරණා දෙක තමා පටලවාගෙන ඉන්නේ. සුමානෙකට විතර […] - [නිමල් සිරිපාලගේ සේවිකාව ලිෆ්ට් එකේදී මරුට!](https://lankatimes.lk/nimal-siripalas-maid-dies-in-the-elevator/): හිටපු අමාත්‍යවරයෙකු වන නිමල් සිරිපාලද සිල්වාට අයත් බොරැල්ල ඇල්විටිගල මාවතේ දෙමහල් නිවසේ විදුලි සෝපානයේ සිදුවූ අනතුරකින් ඔහුගේ නිවසේ ගෘහ සේවිකාව මරුමුවට පත්ව ඇතැයි වාර්තා වේ. මෙලෙස ජීවිතක්ෂයට පත්වූ කාන්තාව ග්‍රෑන්ඩ්පාස් පදිංචි 68 වියැති අයෙකි. ඇය සෝදා පිරිසිදු කළ ඇඳුම් වගයක් රැගෙන බිම්මහලේ සිට පළමු මහලට යෑමට විදුලි සෝපානය භාවිත කරද්දී, ඇගේ හිස සෝපානයෙන් පිටතට යොමුව ඇතැයි කියැවේ. එහිදී ඇගේ හිස කොන්ක්‍රීට් කොටසේ සහ සෝපාන දොර අතර සිරව බරපතළ තුවාල සිදුව ඇත. රෝහල්ගත කළද ඒ වන විටත් ඇය මිය ගොස් සිටි බව සඳහන්. බොරැල්ල පොලිසිය විමර්ශන සිදු කරයි. - [ඉතා කෙටි කලකදී අල්ලස් කොමිසමට පැමිණිලි ගලයි!](https://lankatimes.lk/many-complaints-to-the-bribery-commission/): වසරේ ගතවූ ජනවාරි මස 01 දා සිට මැයි 31 දා දක්වා මාස 05 තුළ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 2,000 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ. සමස්ත සංඛ්‍යාව පැමිණිලි 2138කි. මෙම ප්‍රමාණයෙන් පැමිණිලි 524ක් විමර්ශනයෙන් ඉවත් කර ඇත්තේ, ප්‍රමාණවත් කරුණු නොතිබීම සහ පණතට අදාළ නොවීම යන කරුණු මතයි. පැමණිලි 224ක් විමර්ශනයට නියෝග කර ඇත. තවත් පැමිණිලි 282ක් විමර්ශන සඳහා වෙනත් ආයතන වෙත යොමුකර ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව නිකුත් කර ඇති වාර්තාවක දැක්වේ. එසේ ම ගත වූ මාස 5ක කාලය තුළ, මහාධිකරණයේ නඩු පැවරීම් 42ක් සිදුකර ඇති අතර හිටපු අමාත්‍යවරයෙකු, […] - [ශිරන්ති අත්අඩංගුවට නොගන්නැයි මහින්ද ඉල්ලුවාද? නාමල් පිළිතුරු දෙයි!](https://lankatimes.lk/namals-response-to-the-rumors-circulating/): හිටපු ජනපති මහින්ද රාජපක්ෂ බිරිඳ ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් සම්බන්ධයෙන් ඔහු මහනායක හිමියන් අමතා කළ ඉල්ලීමක් ගැන වන ප්‍රකාශය සම්බන්දයෙන් එම දෙදෙනාගේ පුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නිවේදනයක් නිකුත් කර ඇතැයි වාර්තා වේ. මන්ත්‍රීවරයා එහිදී පවසන්නේ, රජය තම ධුර කාලයේ පළමු වසර තුළ දුන් පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වීම නිසා ජනතා අවධානය වෙනතකට යොමු කිරීම පිණි හිටපු ජනපතිවරයා සම්බන්ධ ප්‍රකාශ ගොතන බවයි. පැතිර යන ආරංචි මන්ත්‍රීවරයා දැඩිව ප්‍රතික්ෂේප කරයි. එපමණක් නොව එම සපුරා අසත්‍ය ප්‍රකාශ ගෞරවණීය ආගමකි නායකයන් දේශපාලන මතභේදවලට ඇද දැමීමේ නින්දාසහගත උත්සාහයක් ලෙසද දක්වා සිටී. තමන් සහ තම පවුල නිරතුරුව ම දේශපාලන බලපෑම් […] - [ඇමැති හඳුන්ගේ ඉංග්‍රීසි කතාව ගැන කතා හැදේ](https://lankatimes.lk/criticism-of-minister-handunnettis-speech/): කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ලෝක ආර්ථික සමුළුවේදී කළ අදහස් දැක්වීම සම්බන්ධයෙන් සමාජ ජාලා පුරා විවිධ විවේචන එල්ල වෙමින් තිබේ. මාධ්‍යවේදීනිය විසින් නගන පැනයකට ඇමැතිවරයා පිළිතුරු දෙන අතර, විවේචකයන් පවසන්නේ ඔහු විමසන පැනයට නොව, ඔහු විසින් කලින් සූදාානම් කරගත් කරුණු ප්‍රමාණයක් පවසන බවයි. කෙසේ වෙතත්, ඔහුගේ කතාව අතරමග බාධා කරන මාධ්‍යවේදිනිය වෙනත් අයෙකු වෙත පැනයක් යොමු කරනු දක්නට ලැබේ. - [ශිරන්ති අත්අඩංගුවට ගන්න යයි - මහින්ද තැතිගෙන මහනායක හිමි අමතයි!](https://lankatimes.lk/shiranthi-is-going-to-be-arrested/): කුප්‍රක්‍රට සිරිලිය සවිය ගිණුම හරහා සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතාවන් සම්බන්ධයෙන් වන විමර්ශන සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ බිරිඳ ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට නියමිත බවත්, එයින් තැතිගැන්මට ලක් වූ මහින්ද රාජපක්ෂ එය වළක්වාගැනීමට ජනපති අනුර කුමාර දිසානායක අමතන්නැයි මහනායක හිමියන්ගෙන් ඉල්ලා සිට ඇති බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සනත් බාලසූරිය ෆේස්බුක් සටහනක් තබමින් හෙළිදරව් කර තිබේ. ඔහු පවසන්නේ, ශිරන්ති රාජපක්ෂගේ සොයුරා වූ හිටපු ශ්‍රී ලංකන් එයා සමාගමේ සභාපතිවරයා අත්අඩංගුවට ගැනීමෙන් රාජපක්ෂ පවුල බලවත් ලෙස සසලව ඇති බවයි. 2015 වසරේදී පළමුවරට සිරිලිය සවිය නම් උක්ත ශිරන්ති රාජපක්ෂට අයත් ගිණුම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය (FCID) විමර්ශන ආරම්භ කළ අතර, කටඋත්තර ලබා ගැනීම සඳහා ඇය ගෙන්වීම […] - [පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීම් දිනයක්!](https://lankatimes.lk/a-special-sitting-day-in-parliament/): විශේෂ පාර්ලි‍මේන්තු රැස්වීම් දිනයක් ලෙස හෙට (30) දිනයේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වේ. 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 11 වැනි වගන්තිය ප්‍රකාරව එක් එක් වර්ෂයේ  ජූනි 30 හෝ එදිනට පෙර ආණ්ඩුව විසින් මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයක් නිවේදනය කිරීමේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා පාර්ලිමේන්තුව මෙලෙස රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ප්‍රකාරව අග්‍රාමාත්‍යවරිය විසින් කරනු ලබන ඉල්ලීමක් මත කථානායකවරයා විසින් මෙලෙස පාර්ලිමේන්තුව හෙට දිනයේ කැඳවා තිබේ. ඒ අනුව මීට අදාළව ආණ්ඩුව විසින් ගෙන එනු ලබන සභාව කල්තැබීමේ විවාදය හෙට පස්වරු 4.30 දක්වා පැවැත්වීමට නියමිතය.  - [තවත් ධීවර යාත්‍රාවක් අනතුරක](https://lankatimes.lk/another-fishing-vessel-in-danger/): තංගල්ල ධීවර වරායෙන් ඊයේ (28) ධීවර කටයුතු පිණිස ගිය බහුදින ධීවර යාත්‍රාවක් ගලපරයක හැපී අනතුරට ලක්ව ඇතැයි වාර්තා වේ. මේ අනතුරෙන් ධීවරයන් දෙදෙනෙකු අතුරුදන් වී ඇතැයි පොලිසිය පවසයි. අනතුරට ලක්ව ඇත්තේ මැක්සිම් පුතා 01 නම් බහුදින යාත්‍රාවක් වන අතර අතුරුදහන් ධීවරයන් සොයා විමර්ශන ආරම්භ කර තිබේ. - [රෝයල් පාක් මිනීමරුවා නිදහස් කර කෝටි 50ක් ගත්තාද? රතන හිමි ගැනත් හෙළිදරව්වක්!](https://lankatimes.lk/royal-park-presidential-pardon/): හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන විසින් ජනාධිපති සමාව දී නිදහස් කරන ලද රෝයල් පාක් මිනීමරුවා ලෙස කුප්‍රකට වූ ජූඩ් ශාමන්තගේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු ජනපතිවරයා මේ සතිඅන්ත ලංකාදීප පුවත්පතේ සම්මුඛ සාකච්ඡාවකදී අදහස් පළ කර තිබේ. ඉන් සිද්ධියට අදාළ කොටස් කිහිපයක් පහත දැක්වේ. “…දේශපාලනයේ ජඩ මඩ දෙකම තියනවා. ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කියන්න පුළුවන්. දේශපාලනඥයෙකුට හිතවත් පිරිසට වඩා අහිතවත් පිරිස තමා වැඩි. දැන් ඉන්න ජනාධිපතිතුමා 43%ක් අරනගෙන දිනුවනෙ. නමුත් වැඩි ඡන්දයක් පාවිච්චි වෙලා තියන්නෙ එයාට විරුද්ධවනෙ. ඒ නිසා චරිත ඝාතන, මඩ කියන ඒවා සාමාන්‍ය දෙයක්.” ඒ කියන්නෙ, ඔබට එල්ල වුණේ බොරු මඩක්. “මට මේ හිරකාරයෙක් නිදහස් කරලා කෝටි 50ක් හරි 100ක් හරි ගන්න […] - [Breaking: තවත් ධීවරයෙකු මරු කටින් ගොඩ ගනී; එක් අයෙක් තවමත් අතුරුදන්](https://lankatimes.lk/boat-capsize-in-seas-off-galle-another-fisherman-rescued/): අනතුරට ලක් වූ ධීවර යාත්‍රාවේ අතුරුදන්ව සිටි ධීවරයින් දෙදෙනාගෙන් එක් ධීවරයෙකු යාත්‍රාවේ සිරවී සිටිය දී බේරාගෙන තිබේ. ඒ අනුව එම ධීවරයා නාවික හමුදාව විසින් බේරාගෙන මේ වනවිට ගාල්ල වරායට රැගෙන එමින් සිටින බව නාවික හමුදාව පවසයි. එමෙන්ම එම ධීවරයා යහපත් ශරීර තත්ත්වයෙන් සිටින බවද සඳහන්. දෙවුන්දර ධීවර වරායෙන් ඊයේ (27) සවස පිටත්ව මෙම යාත්‍රාවේ ධීවරයින් 5 දෙනෙකු සිට තිබේ. ඉන් එක් ධීවරයෙකු අද පෙරවරුවේ බේරාගත්තද, සිව්දෙනෙකු අතුරුදන්ව තිබුණි. එම අතුරුදන් ධීවරයින්ගෙන් දෙදෙනෙකුගේ මළ සිරුරු හමු වූ අතර අනෙක් අතුරුදන් ධීවරයින් දෙදෙනා සොයන අතරවාරයේ මෙම බේරාගත් ධීවරයා යාත්‍රාවේ සිරවී සිටියදී මෙලෙස බේරාගෙන ඇත. ඒ අනුව, මේ වන විට තවත් එක් ධීවරයෙක් […] - [දෙවුන්දර මුහුදේ දී අනතුරට ලක් වූ ධීවරයින් දෙදෙනාගේ මළ සිරුරු ගාලු වරායට](https://lankatimes.lk/bodies-of-two-fishermen-who-were-involved-in-an-accident-in-the-devundara-sea-arrive-at-galle-port/): මාතර, දෙවුන්දර ධීවර වරායෙන් මුහුදු ගොස් අනතුරට ලක් වූ දිනේෂ් 01 ධීවර යාත්‍රාවේ සිටි මියගිය ධීවරයින් දෙදෙනෙකුගේ මළ සිරුරු නාවික හමුදාව මඟින් මේ වන විට ගාල්ල ධීවර වරාය වෙත රැගෙන විත් තිබේ. නාවික හමුදාව සඳහන් කළේ, මෙම අනතුරින් පසු තවමත් අතුරුදන්ව සිටින අනෙක් ධීවරයින් දෙදෙනා සොයා නාවික හමුදාව සහ ගුවන් හමුදාව තවදුරටත් මෙහෙයුම් සිදු කරන බවයි. ධීවරයින් පස්දෙනෙකු සමඟ දෙවුන්දර ධීවර වරායෙන් ඊයේ (27) පස්වරුවේ මුහුදු ගිය දිනේෂ් 01 ධීවර යාත්‍රාව නෞකාවක ගැටී අනතුරට ලක්ව තිබුණේ ඊයේ රාත්‍රී කාලයේදීයි. මෙම අනතුරින් යාත්‍රාවේ සිටි එක් ධීවරයෙක් දිවි ගලවා ගැනීමට සමත් වූ අතර, වෙනත් ධීවර යාත්‍රාවක පිරිසක් විසින් ඔහුව මුදවා ගැනීමට කටයුතු […] - [ජූලි 1 සිට බස් රියදුරන්ට සීට් බෙල්ට් නීතිය දැඩි වෙයි](https://lankatimes.lk/seat-belt-laws-for-bus-drivers-to-be-tightened-from-july-1/): ජුලි මස 01 වනදා සිට ක්‍රියාත්මක වනපරිදි බස් රථවල රියදුරන් ආරක්ෂිත ආසන පටි පැළඳීම අනිවාර්යය කර තිබේ. ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල සඳහන් කළේ, එසේ නොකරන රියදුරන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට සිදුවන බවයි. මෝටර් රථ පනතේ ප්‍රතිපාදන අනුව 2011 ඔක්තෝබර් මස 01 දින සිට වාහන රියදුරන් ආරක්ෂිත බඳ පටි පැළඳීමේ නීතිය ක්‍රියාත්මක නමුත් බොහෝ රියදුරන් ආරක්ෂිත බඳ පටි නොපැළඳීම හමුවේ දිනෙන් දින රිය අනතුරු ඉහළ යෑමේ තත්ත්වයක් නිරීක්ෂණය වී ඇති බවයි ඔහු පෙන්වාදෙන්නේ. - [දෙවුන්දර මුහුදේ දී අතුරුදන් වූ ධීවරයන් දෙදෙනෙකුගේ මළ සිරුරු හමුවෙයි](https://lankatimes.lk/bodies-of-two-missing-fishermen-found-in-devundara-sea/): දෙවුන්දර ධීවර වරායෙන් මුහුදු ගිය අනතුරට ලක් වූ යාත්‍රාවේ සිටි දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන තිබේ. දෙවිනුවර ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් ඊයේ (27) රාත්‍රියේ මෙලෙස අනතුරට ලක්ව තිබුණි. අනතුර සිදුවන අවස්ථාවේ ධීවර යාත්‍රාවේ ධීවරයින් පස් දෙනෙක් සිට ඇති අතර, ඉන් එක් ධීවරයෙක් බේරා ගැනීමට වෙනත් යාත්‍රාවක සිටි පිරිසක් කටයුතු කර තිබේ. කෙසේ වෙතත් මේ වන විට තවත් ධීවරයන් දෙදෙනෙකු අතුරුදන්ව ඇති අතර ඔවුන් සොයා නාවික හමුදා මෙහෙයුම් සිදුකරයි. - [Breaking; ශානි අබේසේකර CID අධ්‍යක්ෂ ධුරයට](https://lankatimes.lk/shani-abesekara/): අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර පත් කර තිබේ. ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය යටතේ මෙම පත් කිරීම සිදුකර ඇති බව සඳහන්. - [තවත් පිරිසක් නුවරඑළියේ මන්ත්‍රී බංගලාව ඉල්ලයි](https://lankatimes.lk/generals-house-nuwaraeliya/): නුවරඑළිය මන්ත්‍රී නිවාඩු නිකේතනයේ (General’s House) ලැගුම් ගැනීමට තමන්ට ද අවස්ථාව ලබා දෙන ලෙස පාර්ලිමේන්තුවේ විශ්‍රාමික සේවකයන් පිරිසක් එහි ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. නුවරඑළියේ මන්ත්‍රී නිවාඩු නිකේතනය මෙතෙක් වෙන් කර ගැනීමට අවස්ථාව හිමි වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණි. කෙසේ වෙතත් එම බංගලාවේ කොටසක් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට වෙන්කිරීමට ඉකුත් දා පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව තීරණය කරනු ලැබීය. ඒ අනුව, පාර්ලිමේන්තුවේ විශ්‍රාමික සේවකයන් ද එහි ලැගුම් ගැනීමට තමන්ට ද අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇති අතර එම ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරියේ දී සලකා බැලෙන බව සඳහන්. - [මහ මුහුදේ අතුරුදන් වූ ධීවරයන් බේරගන්න ගුවන් හමුදාවෙන් යානා](https://lankatimes.lk/air-force-aircraft-to-rescue-fishermen-missing-at-sea/): මුහුදේ අනතුරට පත් ධීවර යාත්‍රා දෙකේ අතුරුදන්ව සිටින ධීවරයින් මුදාගැනීමට බෙල් 412 හෙළිකොප්ටර් යානයක් සහ වයි 12 ගුවන් යානාවක් යෙදවීමට ගුවන් හමුදාව කටයුතු කර තිබේ. ඒ, ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් මතයි. ධීවර කටයුතු සඳහා දෙවුන්දර ධීවර වරායෙන් පිටත්වූ යාත්‍රාවක් සහ මොරගල්ල ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මෙලෙස අනතුරට ලක්වී තිබූ අතර එහි දී ධීවරයින් 6 දෙනෙකු අතුරුදන්ව තිබුණි. දෙවුන්දර ධීවර වරායෙන් ඊයේ (27) සවස පිටත්ව ගිය යාත්‍රාවේ ධීවරයන් 5 දෙනෙකු සිට ඇති අතර එම යාත්‍රාව වාණිජ නෞකාවක ගැටී අනතුරට ලක්ව තිබේ. එම අනතුරින් එක් ධීවරයෙකු මුදාගෙන ගොඩබිමට රැගෙන විත් ඇති අතර අනෙකුත් ධීවරයින් සිව්දෙනා අතුරුදන්ව ඇතැයි වාර්තා වෙයි. මේ අතර කළුතර […] - [බංග්ලාදේශය දණ ගස්වා ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්](https://lankatimes.lk/srilanka-win-test-match/): සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවති දෙවන ටෙස්ට් තරගය ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම අද (28) සමත් විය. ඒ, ඉනිමකින් සහ ලකුණු 78කිනි. මෙම ජයත් සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ශූරතාව තරග එකට බිංදුවක් ලෙස ශ්‍රී ලංකාව ජය හිමිකර ගනු ලැබීය. - [තවත් බෝට්ටුවක් මහ මුහුදේ දී පෙරළෙයි; අයියා - මලෝ අතුරුදන්](https://lankatimes.lk/boat-capsizes-in-the-open-sea-brother-and-sister-missing/): කළුතර, බේරුවල, මොරගල්ල ප්‍රදේශයේ දී ධීවර කටයුතු සදහා මුහුදු ගිය ධීවර යාත්‍රාවක් පෙරලී එහි ගමන්ගත් ධීවරයින් දෙදෙනකු අතුරුදන්ව ඇති බව පොලිසිය පවසයි. මෙසේ අතුරුදන්ව ඇත්තේ ධනුෂා මැරීන් නමැති කුඩා ධීවර බෝට්ටුවේ ගමන් කළ අළුත්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි නදුන් කුමාර සහ ඔහුගේ සහෝදරයා වන දුමින්ද නදුන් කුමාර යන අයයි. අනතුරට පත් බෝට්ටුව මේ වන විට වෙරළට රැගෙන විත් ඇති බවත් වාර්තා වේ. - [මේ ඔබ දන්නා ශේක්ෂ්පියර් ද?](https://lankatimes.lk/is-this-the-shakespeare-you-know/): “කෙටි ජීවිතයේදී ඔබට ආදරය කරන්නට ලැබෙන්නේ වතාවක් පමණි. එනිසා ඊළඟ ආත්මයේත් ඔබව සොයාගන්නට මම පොරොන්දු වෙමි.” William Shakespeare ඇවන්හි කවියා ඔහු හැඳින්වීමට විවිධාකාරයේ විශේෂණයන් යෙදිය හැකි වුවද “ඇවන්හි කවියා” (Bard of Avon) ලෙස හඳුන්වාදීම වඩා සරල බව හැඟේ.  ඔහු උපත ලබන දිනය ගැන නිශ්චිත සඳහනක් නොමැති වුවද එය 1564 වසරයි. ඔහු භෞතිස්ම කරනු ලබන්නේ අප්‍රේල් 26  නිසා සාමාන්‍ය සම්ප්‍රදායානුකූලව ඊට දින තුනකට පෙර ,එනම්අප්‍රේල් 23 දින ඔහුගේ ජන්ම දිනය ලෙස පිළිගැනේ. එංගලන්තේ එම විශිෂ්ටතම නිර්මාණවේදියාගේ පියා වෘත්තියෙන් අත්වැසුම් මසන්නෙක් (glover) මෙන්ම බියර් රස විඳින්නෙකි (beer taster). සිය පියාගේ ව්‍යාපාරික ස්ථානයේ උඩුමහලේ ළමා කාලය ගෙවූ  විලියම්ගේ පවුලේ සොයුරු සොයුරියන් සය දෙනෙකි. […] - [මහ දියඹේ බිහිසුණු අනතුරක්; ධීවරයන් 4ක් අතුරුදන්](https://lankatimes.lk/horrific-accident-in-maha-diyame-4-fishermen-missing/): ධීවර යාත්‍රාවක් නැවක ගැටී සිදු වූ අනතුරකින් ධීවරයින් 04 දෙනෙකු අතුරුදන්ව තිබේ. දෙවිනුවර ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් ඊයේ (27) රාත්‍රියේ මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ. ගොඩබිම සිට සැතපුම් 20කට ආසන්න මුහුදේ දී මෙම අනතුර සිදුව තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ ධීවර යාත්‍රාවේ ධීවරයින් පස් දෙනෙක් සිට ඇති අතර, ඉන් එක් ධීවරයෙක් බේරා ගැනීමට වෙනත් යාත්‍රාවක සිටි පිරිසක් කටයුතු කර තිබේ. අතුරුදන් වූ එම ධීවරයින් සිව්දෙනා සෙවීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව සඳහන්. නාවික හමුදා මෙහෙයුම් යාත්‍රාවක් සහ තවත් ධීවර යාත්‍රා කිහිපයක් එක්ව එම මෙහෙයුම් සිදුකරනු ලබයි. - [ප්‍රාදේශීය දූෂිතයන්ටත් වැඩ වරදී: පළාත්පාලන වංචා-දූෂණ සොයන්න කොමිසමක්!](https://lankatimes.lk/a-commission-to-investigate-local-government-fraud-and-corruption/): කොළඹ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතනවල සිදුව ඇතැයි කියන වංචා, දූෂණ, අක්‍රමිකතා සෙවීම පිළිබඳව විශේෂ ජනාධිපති කොමිසමක් පත් කිරීමට සූදානමක් ඇති බව වාර්තා වේ. පළාත් පාලන ආයතනවල බලය හෙබවූ, නගරාධිපතිවරු, සභාපතිවරු අයථා ලෙස උපයාගෙන ඇති වත්කම් පිළිබඳව මෙන් ම ටෙන්ඩර් ලබා දීමේදී සහ ඉදිකිරීම්, සංවර්ධන කටයුතුවලදී ද රථ වාහන නැවතුම් ලබා දීමේදී ද සිදුව ඇති අක්‍රමිකතා ආදිය ගැනද විමර්ශන සිදු කෙරන බව පැවසේ. - [ශෝකජනක මරණ කිහිපයක්](https://lankatimes.lk/several-tragic-deaths/): දිවයින පුරා ස්ථාන කිහිපයකින් මරණ වාර්තා වී තිබේ. නිවසේදී විදුලිසැර වැදීම නිසා 8 හැවිරිදි දරුවෙකු මරුමුවට පත්ව ඇත. මැදවච්චිය පොලිස් වසමේ සංගිලිකනදරාවේ නිවැසි දරුවෙකි. දරුවා වතුර හීටරයකින් වතුර උණු කිරීමට ගොස් විදුලි සැර වැදී තිබේ. ඒ අතර දිවයින පුරා සිදුවූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 4ක් මිය ගොස් තිබේ. ඊයේ (27) උදෑසන නාරම්මල පොලිස් වසමේ කඩහපොල, කටුපොත මාර්ගයේ සියඹලාකොටුව ප්‍රදේශයේදී පැදිකරුට පාලනය කරගත නොහැකි වූ යතුරු පැදියක් පෙරළී ගොස් සිදුවුණ අනතුරෙන් ඔහු මිය ගොස් ඇති අතර හේ පන්විල පදිංචි 19 වියැති තරුණයෙකි. මීටියාගොඩ කහව මාර්ගයේදීද යතුරුපැදියක් පාලනයෙන් ගිලිහී 28 වියැති අයෙකු මරුමුවට පත්ව තිබේ. ඒ අතර කොළඹ මහනුවර මාර්ගයේ මාහේන පෙදෙසේදී […] - [හිටපු ඇමැති රාජිත නුදුරේදීම අත්අඩංගුවට!](https://lankatimes.lk/former-minister-rajitha-to-be-arrested-soon/): හිටපු ප්‍රබල අමාත්‍යවරයෙකු වන රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ගැන තොරතුරු වාර්තා වේ. ඒ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ඊයේ (27) දින අධිකරණයට දන්වනු ලැබී ය. කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමක් වෙත ලබා දී රජයට පාඩුවක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙලෙස ඔහු අත්අඩංගුවට ගන්නා බවයි වාර්තා වන්නේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේදී කොමිසම මෙම කරුණු දක්වා සිටියේ ය. මෙම ගනුදෙනුව හේතුවෙන් රජයට රුපියල් ලක්ෂ 263කට අධික පාඩුවක් සිදුකර ඇති බවයි කොමිසම පවසන්නේ. - [අතුරුදන් වූ මාලිමාවේ මන්ත්‍රී යුවළ උණවටුන බීච් එකේ ; 'හානියක් නෑ' - පොලිසිය කියයි](https://lankatimes.lk/missing-malaimawe-mp-couple-found-at-unawatuna-beach/): වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය සහ මන්ත්‍රීවරයා අද (27) සවස ගාල්ල, උණවටුන මුහුදු තීරයේ සිටිය දී සොයාගෙන තිබේ. මෙලෙස පැහැරගැනීමට ලක්ව තිබුණේ ජාතික ජන බලවේගය නියෝජනය කරන අජිත් ප්‍රියන්ත මන්ත්‍රිවරයා සහ කමනි මාලා අල්විස් මන්ත්‍රිවරියයි. කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, ඔවුන් දෙදෙනාට කිසිදු හානියක් සිදුව නොමැති බවය. එම දෙපළ අද වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත්කර ගැනීමේ ඡන්ද විමසීමට පැමිණෙමින් සිටිය දී පැහැරගෙන ඇති බව පවසා එම සභාවේ උණුසුම් තත්ත්වයක් ද හටගත්තේය. ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය සභිකධුර 22ක් හිමිකරගෙන තිබූ අතර සමගි ජනබලවේගය ඇතුළු සෙසු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් හිමිකරගෙන තිබූ සභිකධුර සංඛ්‍යාවද 22කි. ඒ අනුව ප්‍රාදේශීය […] - [මාංචු වැටුණු ශිරන්ති රාජපක්ෂගේ සහෝදරයාට චෝදනා 3ක්; අල්ලස් කොමිසම සියල්ල හෙළිකරයි](https://lankatimes.lk/3-charges-against-shiranthi-rajapaksas-brother-who-was-handcuffed/): ගිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂගේ සහෝදරයා වන, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ, අද (27) පස්වරුවේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. එම කොමිසම සඳහන් කළේ දූෂණ චෝදනා ත්‍රිත්වයක් සම්බන්ධයෙන් සිදුකරගෙනු යනු ලබන විමර්ශන කටයුතුවලට අදාළව ඔහු අත්අඩංගුවට ගත් බවයි. ඒ අනුව ඔහුට එල්ල වී ඇති චෝදනා ත්‍රිත්වය පහතින්; (01) 2014.01.22 දින මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට කටුනායක දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ අංක UL319 දරන ගුවන් යානයේ ගමනාන්තය වෙනස් කිරීම මගින් රජයට අමෙරිකානු ඩොලර් 4512ක් පාඩු කිරීම. (02) 2014.01.26 වැනි දින මාලදිවයිනේ සිට ලංකාවට පැමිණ ප්‍රංශය බලා පිටත්ව යාමට සිටි මගීන් 75 දෙනෙකු UL563 දරන ගුවන් යානයෙන් පිටත් කර […] - [බසයේදී කතකගේ දඟ යුග රූගත කළ අයෙක් වසර දෙකකට හිරේ!](https://lankatimes.lk/those-who-filmed-the-womans-legs-on-the-bus-are-in-jail/): බොරැල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක ගමන් කරමින් සිටි තරුණියකගේ කකුල් ජංගම දුරකතනයකින් රූගත කළ බවට වරද පිළිගත් තරුණයෙකුට වසර 20 කට අත්හිටවූ බරපතල වැඩ සහිත වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබේ. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල විසින් විත්තිකරුට රුපියල් 1,500 ක දඩයක් නියම කළ අතර වින්දිත තරුණියට වන්දි වශයෙන් රුපියල් 50,000 ක් ද ගෙවන ලෙසද නියෝග කළේය. එම වන්දි නොගෙවන්නේ නම් දෙමටගොඩ පදිංචි විත්තිකරුට අමතර මාස හයක සිර දඬුවමක් නියම කිරීමට ද නියෝග කරන ලදී. - [ධීවර සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට](https://lankatimes.lk/former-chairman-of-fisheries-corporation-arrested/): ලංකා ධීවර සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ මහතා අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගෙන තිබේ. එම සංස්ථාවේ සිදුවු අක්‍රමිකතාවයකට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. - [සරසවි සිසුවා ගිලී මිය ගියේ විනෝදෙට පිහනලා ද? පොලිස් මාධ්‍ය නිවේදනය හරි ද?](https://lankatimes.lk/colombo-university-student-drowns/): ඊයේ (26) දින කොළඹ පෝර්ට් සිටි වරායට අයත් කෘත්‍රීම මුහුදේ දී අනතුරට ලක්ව අතුරුදන් වූ කොළඹ විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා අංශයේ සිසුවාගේ සිරුර මේ වන විට සොයා ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ නිවේදනයෙන් සහ වෙනත් මාධ්‍යවලින් දක්වා තිබුණේ, මෙම ශිෂ්‍යයා ඇතුළු පිරිස විනෝදාංශයක් ලෙස පිහිනීමට ගොස් සිටියදී එක් අයෙකු අතුරුදන්ව ඇති බවයි. කෙසේ වෙතත්, සමහර තොරතුරු මූලාශ්‍ර පවසන්නේ මෙම සිසුන් පර්යේෂණ කටයුත්තක් සඳහා මෙලෙස මුහුදු පතුළ නිරීක්ෂණයට එක්ව සිටියදී මෙසේ අතුරුදන්ව තිබු බවයි. අතුරුදන් ශිෂ්‍යයා කොළඹ විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා අංශයේ සිව්වැනි වසරේ ඉගෙනුම ලද දීප්තිමත් සිසුවෙකු බවත් දැනගන්නට ඇත. ගම්පහ – අස්ගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කෙසේ වෙතත්, අප කොළඹ විශ්වවිද්‍යාලයේ ජීවවිද්‍යා අංශයෙන්ද, […] - [Breaking; ශිරන්ති රාජපක්ෂගේ සහෝදරයාට මාංචු](https://lankatimes.lk/nishantha-wickramasingha-arrest/): ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ, අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ගුවන්යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකට අදාළව ඔහුව මෙලෙස අත්අඩංගුවට බව අල්ලස් කොමිසම පවසයි. අත්අඩංගුවට ගත් නිශාන්ත වික්‍රමසිංහ, හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂගේ සහෝදරයා ය. - [පෝට් සිටි මුහුදේ ගිලී අතුරුදන් වූ සරසවි සිසුවාගේ මළ සිරුර හමුවෙයි](https://lankatimes.lk/body-of-university-student-who-drowned-in-port-city-sea-found/): කොළඹ වරාය නගරයේ කෘත්‍රීම වෙරළ තීරය අයත් මුහුදේ පිහිනමින් සිටිය දී දියේ ගිලී අතුරුදහන් වූ සරසවි සිසුවාගේ මළ සිරුර හමු වී තිබේ. ඒ, කොළඹ වරාය පොලිසිය, නාවික කොට්ඨාසයේ කිමිඳුම්කරුවන්, රංගල නාවික හමුදා කිමිඳුම්කරුවන් ඒකාබද්ධව දියත් කළ මෙහෙයුමක් අතරතුරදීය. කොළඹ විශ්වවිද්‍යාලයේ හා මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් අධ්‍යයන කටයුත්තක් සඳහා ඊයේ (26) උදෑසන කාලයේ ස්නෝකල් පැළැඳ මුහුදු පතුල නීරීක්ෂණ කරමින් සිටිය දී එක් සිසුවෙකු මෙලෙස අතුරුදහන්වී තිබුණි. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 24ක් වන අස්ගිරිය, ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. - [නාමල්ට එරෙහි නඩුවකට අද අධිකරණය දුන් නියෝගය](https://lankatimes.lk/court-oder-for-namal-rajapaksha/): රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට බව පවසමින් ඉන්දීය ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70 මුදලක් ලබාගෙන සාපරාදී විශ්වාසය කඩකළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහි නඩුව සැප්තැම්බර් මස 26 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණ අද (27) නියම කළේය. නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න ඉදිරියේ කැඳවනු ලැබීය. එම අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින විත්තිකාර නාමල් රාජපක්ෂ ද අධිකරණය හමුවේ පෙනී සිට ඇති බවයි වාර්තා වන්නේ. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාළව ලැයිස්තුගත කර තිබෙන ලේඛනවලට පරිබාහිර ලේඛන ගණනාවක් ලබාදෙන ලෙස විත්තිය විසින් ඉල්ලා […] - [මාලිමාවේ මන්ත්‍රීවරු දෙදෙනෙක් අතරමඟ දී පැහැරගෙන ගිහින් ; සභාව ‍යුද පිටියක් වෙයි](https://lankatimes.lk/weligama-pradeshiya-sabha/): වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත්කර ගැනීමේ ඡන්ද විමසීමට අද (27) පැමිණෙමින් සිටි ජාතික ජන බලවේගය මන්ත්‍රීවරු දෙදෙනකු පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වේ. ඒ හේතුවෙන් මේ වනවිට සභාව පැවැත්වීමට ඉඩ නොදෙන තත්ත්වයක් උද්ගතව ඇති බව අප වාර්තාකරු පැවසීය. පැහැරගත් මන්ත්‍රීවරුන් දෙදෙනා රැගෙන පැමිණියහොත් පමණක් සභාවේ කටයුතු ආරම්භ කිරීමට යෝජනා වී ඇති බවද වාර්තා වේ. - [පැතුම් නිස්සංකගෙන් විශිෂ්ට ඉනිමක් ; 150 පසුකරයි](https://lankatimes.lk/pathum-nissanka/): බංග්දේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක ලකුණු 150 සීමාව පසුකිරීමට සමත් විය. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින පැතුම් නිස්සංක පන්දු 242කට මුහුණදෙමින් මෙම කඩඉම පසුකර ගියේය. ඔහු නොකඩවා ටෙස්ට් තරග දෙකකදී ලකුණු 150 සීමාව පසුකර තිබීම සුවිශේෂී ය. අද (26) තරගයේ තුන්වැනි දිනය වන අතර මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 297 ක් ලබා ගෙන ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට වඩා ලකුණු 50ක් ඉදිරියෙන් සිටී. - [ඊශ්‍රායල් රැකියා ලියාපදිංචිය ගැන දැනුම්දීමක්](https://lankatimes.lk/notice-about-israeli-job-registration/): ඊශ්‍රායල් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා කාණ්ඩ 3ක් සඳහා ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට සිදුවූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ඊශ්‍රායල් රජයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාළව රැකියා සඳහා සුදුසුකම් ලත් ශ්‍රමිකයින් ලියාපදිංචිය අද (27) දින සිට ජුලි මස 01 වනදා දක්වා ආරම්භ කිරීමට තීරණය කර තිබුණි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම්දෙන්නේ එය නොවැළැක්විය හැකි හේතුවක් මත එය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බවය. - [ඊශ්‍රායෙල් - ඉරාන යුද්ධය: ජය ලැබුවේ කවුද?](https://lankatimes.lk/israel-iran-war-who-won/): සති දෙකකට වැඩි කාලයක් පුරා පැවති බිහිසුණු සිදුවීම් ගණනාවකින් පසු ලෝකය ආරක්ෂිතව සිටිනු දැකීම ගැන අතිශයින් සතුටු විය හැක. ලොව පුරා සිටින ජනතාව, සිදුවෙමින් පවතින දේ මෙන්ම තීරණාත්මකව ඊළඟට සිදුවිය හැකි දේ පිළිබඳ විමසිලිමත්ය. මගේ නිගමනය නම්, යුධ උණුසුම තවමත් අවසන් වී නැති බවයි. ඊශ්‍රායල සියොන්වාදී පාලනය පවතින තාක් කල් මෙය අවසන් වේ යැයි කිව නොහැක. මානව වර්ගයාගේ තවත් කොටසක් පහත් ලෙස දකින, වාර්ගික ආධිපත්‍යවාදී පාලනයක් පවතින තාක් කල්, මෙම කලාපයේ කිසි විටෙකත් සාමයක් ඇති නොවන අතර මිනිසුන් කිසි විටෙකත් මෙය ඉවසන්නේද නැත. මෙම ම්ලේච්ඡ ජන සංහාරයට සහ මැදපෙරදිග බටහිර ඉවුරේ අප දැන් දකින ම්ලේච්ඡ ජනවාර්ගික අතුගා දැමීමට එරෙහිව නැගී […] - [හෝටල් හිමියෙකු අබිරහස් ලෙස මිය ගිහින්](https://lankatimes.lk/hotel-owner-dies-mysteriously/): මහව-දියබැටේ ප්‍රදේශයේ මෝටර් රියක් තුළ තිබී පිළිස්සුණු පුද්ගල මළසිරුරක් හමුව තිබේ. කුරුණෑගල මිල්ලෑව පෙදෙසේ 49 වියැති හෝටල් හිමි ව්‍යාපාරියෙකු මෙලෙස මියගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ. පසුගිය 25 වැනි දා ඔහු කොණ්ඩය කැපීම පිණිස නිවසින් පිටව ඇති අතර යළි නිවසට නොපැමිණීම හේතුවෙන් බිරිඳ විසින් දොරටියාව පොලිසියට පැමිණිල්ලක්ද සිදුකර ඇත. කෙසේ වෙතත්, මෙම මරණය ඝාතනයක්ද සියදිවි නසාගැනීමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැත. - [හිටපු සෞඛ්‍ය ලේකම් අත්අඩංගුවට ගත් චෝදනාව: බුදු පිළිමෙත් විකුණන් කෑවා ද?](https://lankatimes.lk/allegation-against-former-health-secretary-arrested/): සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ඊයේ (26) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබිණ. සැකකරු පානදුර, පිංවත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක පිළිමයක් නිර්මාණය කිරීම සඳහා තම බිරිඳගේ නමින් පවතින ගිණුමකට මුදල් රැස් කර එයින් ලක්ෂ 350කට ආසන්න මුදලක් අයථා පරිහරණය කර ඇතැයි අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අධිකරණයට දන්වනු ලැබීය. මෙම පිළිමවහන්සේ නිර්මාණය සඳහා මුදල් රැස්කරගන්නා බවට දිවුරුම් ප්‍රකාශයක් එම විහාරස්ථානයේ අබල දුබලව රෝගීව සිටි හිමිනමකගෙන් ලබාගෙන ඇති අතර උන්වහන්සේ එයට අත්සන් තබා ඇත්තේ දැනුවත්භාවයකින් තොරව බැව්ද අධිකරණයේදී අනාවරණය විය. කෙසේ වෙතත්, සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ, තම සේවාදායකයාට වාහන බලපත්‍ර 4ක් […] - [එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්ගේ ආගමනය බැඳුණු කරුණු!](https://lankatimes.lk/facts-united-nations-high-commissioner-for-human-rights/): එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටකර් මෙරට පැමිණ දින තුනක් පමණ පුරා විවිධ ආයතන සහ ප්‍රධානීන්, ආගමික නායකයන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් මුණ ගැසෙමින් කටයුතු කළේ ය. අවසාන වශයෙන් ඔහු ජනපතිවරයාද හමු වූයේ ය. මානව හිමිකම් කොමසාරිස්ගේ ආගමනය විශේෂ වැදගත්කමක් දරයි. කෙසේ වෙතත්, ඔහුගේ පැමිණීම වෙනත් අවස්ථාවලදී මෙන් රට තුළ අන්තාවාදී නැටුම් නැටීමට ඉඩක් නැති සන්දර්භයක් නිර්මාණය වී තිබීම ඇගයිය යුතු ය. සංචාරය පිළිබඳ සහයෝගය වෙනුවෙන් කොමසාරිස්වරයා රජයට කෘතඥතාව පළ කළේ ය. විවිධ ස්ථානවල සංචාරය කළ ඔහු, විශේෂයෙන් යාපනයේ චෙම්මනි සමූහ මිනීවල මෙන් ම දකුණේ 88-89 තරුණ අතුරුදහන් වීම ගැනද කරුණු සොයා බැලීය. පෙරට වඩා යාපනයේ සිය […] - [ලුණු සඳහා උපරිම සිල්ලර මිලක්; මිල ගණන් මෙන්න](https://lankatimes.lk/maximum-retail-price-for-salt-here-are-the-prices/): වෙළෙඳපොළේ ලුණු මිල පහත හෙළීම සඳහා උපරිම සිල්ලර මිල සීමාවන්ට යටත්ව ලුණු නිකුත් කරන බව ශ්‍රී ලංකා ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි. පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව සමඟ ඇති කරගත් එකඟතාවය අනුව එම සංගමය මෙම තීරණය ගෙන තිබේ. එම සංගමය වැඩිදුරටත් දැනුම්දෙන්නේ පසුගිය දිනවල රජය විසින් ආනයන සීමා ලිහිල් කිරීම අනුව, අවශ්‍ය තරම් ලුණු තොග ලැබී ඇති බැවින් ආනයනිත කෑමට ගන්නා ලුණු පහත සඳහන් උපරිම සිල්ලර මිල සීමාවන්ට යටත්ව වහාම නිකුත් කිරීම ආරම්භ කර ඇති බවය. එම මිල ගණන් පහතින්, කැට ලුණු කිලෝග්‍රෑම් 1ක් රුපියල් 180 ලුණු කුඩු කිලෝග්‍රෑම් 1ක් රුපියල් 240 ලුණු කුඩු ග්‍රෑම් 400ක් රුපියල් 120 මෙම මිල යටතේ ඇසුරුම් […] - [කෙහෙළියට එරෙහි නඩුවේ රනිලුත් සාක්ෂිකරුවෙක්!](https://lankatimes.lk/ranil-is-also-a-witness-in-the-case-against-keheliya/): ප්‍රමිතියෙන් තොර ව්‍යාජ ප්‍රතිදේහ එන්නත් ජාතික සෞඛ්‍ය පද්ධතියට ලබා දී රාජ්‍ය මුදල් කෝටි ගණනක් වංචා කිරීමේ නඩුකරයට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ පිරිසට එරෙහි නඩුවේ සාක්ෂිකරුවන් ලෙස හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ සහ තවත් හිටපු කැබිනට් ඇමැතිවරුන් පිරිසක් නම් කර ඇතැයි වාර්තා වේ. හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ යන හිටපු කැබිනට් අමාත්‍යවරුන් ඇතුළත් ය. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරුන් කණ්ඩායමක්ද ඊට ඇතුළත් වේ. හිටපු සෞඛ්‍ය ඇමැති ඇතුළු 12කට අධිචෝදනා 13ක් ගොනු කරමින් නඩුව ගොනු කර තිබේ. - [හිටපු සෞඛ්‍ය ලේකම්ට කල්දේරම් බත්!](https://lankatimes.lk/former-health-secretary-chandragupta-remanded/): සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. ඒ අනුව, ඔහු එළඹෙන 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ. ප්‍රකාශයක් ලබාදීමට අද (26) උදෑසන අල්ලස් කොමිසමට පැමිණීමෙන් අනතුරුව ඔහු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. - [Breaking : කෙහෙළිය පවුල බෙල්ලටම හිරවෙයි ; පවුලටම එරෙහිව අධිචෝදනා](https://lankatimes.lk/indictments-against-the-entire-keheliya-family/): හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා හා බෑනාට එරෙහිව අල්ලස් කොමිසම අද (26) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළේය. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ, චෝදනා 43ක් මත ඔවුන්ට එරෙහිව මෙම අධි චෝදනා ගොනුකර ඇති බව සඳහන්. ## Pages - [HOME](https://lankatimes.lk/): Trending Now මහින්දානන්ද – නලින් සිරගත ජීවිතය ගැන තොරතුරු ඝාතන තැතක් ව්‍යර්ථ වෙයි ; අද උදෑසනම සිදු වූ දේ මෙන්න ජාතික බදු සතිය අදින් ඇරඹෙයි ; නොදන්න අය දැනුවත් කරන්නත් වැඩපිළිවෙළක් මිතුරියන් දෙදෙනෙක් කෝවිලේ දී එකටම අවසන් ගමන් යයි කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් පුංචි ආණ්ඩු 161ක් අද සිට වැඩ අරඹයි උණුසුම් පුවත් June 2, 2025 මහින්දානන්ද – නලින් සිරගත ජීවිතය ගැන තොරතුරු උණුසුම් පුවත් එසැන පුවත් මහින්දානන්ද – නලින් සිරගත ජීවිතය ගැන තොරතුරු ඝාතන තැතක් ව්‍යර්ථ වෙයි ; අද උදෑසනම සිදු වූ දේ මෙන්න ජාතික බදු සතිය අදින් ඇරඹෙයි ; නොදන්න අය දැනුවත් කරන්නත් වැඩපිළිවෙළක් මිතුරියන් දෙදෙනෙක් කෝවිලේ දී එකටම […] [comment]: # (Generated by Hostinger Tools Plugin)