අල්ලස් චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න ඇතුළු සැකකරුවන් තිදෙනා ඇප ඉල්ලීම් කොළඹ මහේස්ත්‍රත් අධිකරණය විසින් අද (24) ප්‍රතික්ෂේප කර තිබේ.
ඒ අනුව, එම සැකකරුවන් ලබන 08 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි මහේස්ත්‍රාත්වරය නියෝග කළේ.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තිය නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මෙම නියෝගය නිකුත් කළාය.
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න විසින් EVD සහ VP shunt උපකරණ තමන් සම්බන්ධ ආයතනයකින් අතිවිශාල මුදලකට රෝගීන්ට අලෙවි කර රුපියල් කෝටි ගණනක අලාභ සිදු කළ බවට චෝදනා මත ඇය ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.