/ Jun 19, 2025

UK සම්බාධක ගැන හොයන්න අමාත්‍ය කමිටුවක්

එක්සත් රාජධානිය විසින් මෙරට හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනෙකු ඇතුළු සිව් දෙනෙකුට සම්බාධක පැනවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමට අමාත්‍ය කමිටුවක් පත්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මේ බව අද (2) පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩලය තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ඒ අනුව මෙම කටයුත්ත සඳහා අමාත්‍යවරු තිදෙනෙක් නම් කර තිබේ.

ඒ, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර යන පිරිසයි.

තවද එම කමිටුවට අදාළ කාර්යයන් සඳහා අවශ්‍ය යැයි සැලකෙන, අදාළ විෂය පිළිබඳව ප්‍රවීණතාවක් සහිත නිලධාරියකු හෝ විද්වතකුගේ සේවය ලබාගැනීමට අමාත්‍ය මණ්ඩලය විසින් බලය පැවරීමට ද තීරණය කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top