කොළඹ නව පුරපතිනිය ලෙස තේරී පත් වූ ව්‍රායි කැලි බල්තසාර් අද (18) එම ධුරයේ වැඩ ආරම්භ කර තිබේ.
ජාතික ජන බලවේගය නියෝජනය කරන ව්‍රායි කැලී බල්තසාර්, කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය ලෙස බහුතර මන්ත්‍රීවරුන්ගේ මනාපයෙන් පෙරේදා (16) දින තේරී පත්වූවාය.
ඒ, නගරාධිපති ධූරය තෝරාපත් කර ගැනීම වෙනුවෙන් පැවැත්වූ රහස් ඡන්දයෙන් ඡන්ද 61ක් දිනා ගනිමිනි.
ඒ අනුව ඇය අද දිනයේ දී කොළඹ 26 වන පුරපතිනිය ලෙස වැඩ අරඹා තිබේ.