අලුත් අවුරුදු උත්සව දිනවල සාමාන්‍යයෙන් හදිසි අනතුරු බහුලව සිදුවෙයි. මෙවරද විශාල පිරිසක් හදිසි අනතුරුවලට මුහුණ දී තිබේ.
ගතවූ පැය 24 තුළ විවිධ කටයුතුවලදී සිදු වූ අනතුරු හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් 80කට ආසන්න පිරිසක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ
මෙම පිරිසෙන් 30 ක් පමණ රිය අනතුරු සම්බන්ධ තුවාළ හේතුවෙන් රෝහල්ගත කළ අය බවයි දැක්වෙන්නේ.
මෙවර ගිනිකෙළි ආශ්‍රිතව ජාතික රෝහලට ඇතුළත් කළ පුද්ගලයන්ගේ අඩුවක් දක්නට ලැබෙන අතර මේ පිරිසෙන් එසේ තුවාල සිදුව ඇත්තේ එක් අයෙකුට පමණයි.
මෙම සෑම හදිසි අනතුරක්ම වළක්වා ගත හැකි බව පෙන්වා දෙන සෞඛ්‍ය අංශ අවධාරණය කර සිටිනුයේ උත්සව සමයේදී ආරක්ෂාකාරීව සිය දෛනික කටයුතු සිදු කිරීමෙන් සිදුවිය හැකි මෙම අනතුරු වළක්වා ගත හැකි බවයි.