/ Jul 27, 2025

කුඹුරක් මැද දමා ගිය බිලිඳා ගැන ඇහෙන අලුත්ම ආරංචිය ; සිත්පිත් නැති මව සොයා මෙහෙයුම්

කුරුණෑගල, මාවතගම, පරගහදෙණිය සිංහපුරපාර ප්‍රදේශයේ වෙල්යායක දමා ගොස් සිටියදී අලුත උපන් බිළිදෙකු සොයා ගෙන තිබුණේ ඊයේ (17) දිනයේ දීය.

වෙල්යාය මැදින් ගමන් කළ ගැමියෙකු මෙම අලුත උපන් දරුවා වෙල්යායේ තිබූ කුඹුක් ගසක් යට සිටිනු දැක තිබුණි අතර පසුව ඔහු විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාවතගම පොලිසිය දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබුණි.

අනතුරුව පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව බිළිඳා එම ස්ථානයෙන් රැගෙන ගොස් මාවතගම රෝහලට ඇතුළත් කෙරිණි.

බිළිදා පරීක්ෂා කළ වෛද්‍යවරුන් පවසා තිබුණේ බිලිඳා ඉපදී දිනක් හෝ දින දෙකක් පමණ ගතවන්නට ඇති බවය.

මූලික පරීක්ෂාවලින් අනතුරුව බිලිඳා කුරුණෑගල ශික්ෂණ රෝහලේ නොමේරු ළදරු ඒකකය වෙත මාරුකර යැවීමට මාවතගම රෝහල් බලධාරීහු පියවර ගත්හ.

බිළිඳා මෙම ස්ථානයේ අත්හැර දමා ගියේ කවුරුන්දැයි යන්න පිළිබඳව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සැකකරු සොයා ගැනීම සදහා ප්‍රදේශයේ CCTV පරීක්ෂා කිරීමට පොලිසිය මේ වන විට ආරම්භ කර තිබේ.

කෙසේ වෙතත් මේ වන විට බිලිඳා යහපත් තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top