/ Aug 03, 2025

ආරුක්කු නවය පාලම ගැන විශේෂ තීරණයක් ; නොමිලේ බැලීම ළඟදීම නවතී!

ඇල්ල දෙමෝදර ආරුක්කු නවය පාලම හා ඒ අවට ප්‍රදේශය සංචාරකයින්ගේ ආකර්ෂණය වැඩි කරගැනීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල එක්වී නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.

එම ප්‍රදේශය විදුලි ආලෝක පහන් දල්වා රාත්‍රී කාලයේ ද සංචාරකයින්ට නැරඹීමට අවස්ථාව ලබාදීම මෙහි අරමුණ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.

එළඹෙන අගෝස්තු මාසයේ සිට එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් එම ප්‍රදේශය වැඩිදියුණු කර සංචාරක ආකර්ශනීය ස්ථානයක් බවට පත් කිරීමෙන් අනතුරු එය නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයන්ගෙන් යම් මුදලක් අයකරගැනීමට යෝජිත බවත් දුම්රිය සාමාන්‍යාධිනාරි ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේය.

දේශීය සංචාරකයින් සඳහා අවම මුදලක් අය කිරීමට අපේක්ෂා කරන බව හෙතෙම පෙන්වාදුන්නේය.

තවද දුම්රිය මැදිරි යොදාගනිමින් නානුඔය දුම්රිය ස්ථානය ආසන්නයේ නිර්මාණය කර ඇති සංචාරක හෝටල් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ අගෝස්තු මාසයේ මුල්භාගය වන විය එය සංවර්ධනය කර සංචාරකයින් සඳහා විවෘත කිරීමට අපේක්ෂා කරන බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top