/ May 31, 2025

ප්‍රදේශ කිහිපයකට පැය 36ක ජල කප්පාදුවක්

මහනුවර ප්‍රදේශ කිහිපයකට පැය 36ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇත.

මහනුවර නගර සභාවේ නාගරික කොමසාරිස්වරිය දැනුම් දෙන්නේ මහනුවර ගුඩ්ෂෙඩ් බස්නැවතුම ඉදිකිරීමේදී සිදුවු ජලනල පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.

ඒ අනුව අද (28) සවස 2.00 සිට 30 වැනිදා අලුයම 2.00 දක්වා පැය 36ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

පේරාදෙණිය පාර, විලියම්ගොපල්ලව මාවත, උසාවි සංකීර්ණය අසළ සිට නගර සභා හන්දිය දක්වාත්, අස්ගිරිය, වැව රවුම, රජ පිහිල්ල මාවත, බූවැලිකඩ, තැන්නකුඹුර, ගුරුදෙණිය, අම්පිටිය සහ මහනුවර නගර මධ්‍යයේ සියලුම වීදි ජල සැපයුම අත්හිටුවීමට නියමිතව බව මහනුවර නගර සභාවේ නාගරික කොමසාරිස්වරිය සඳහන් කළාය.

මහනුවර නගර සභාව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ජලනල පද්ධතියේ බිඳවැටීම මේ වන විටත් යථාවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බැවින් ගබඩාකර ඇති ජලය අරපිරිමැස්මෙන් යුතුව පරිහරණය කරන ලෙසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top