පානදුර, වෑකඩ ප්‍රදේශයේ පසුගිය 29 වැනිදා සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවකු ඊයේ (31) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර, කවිරාජ මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි තරුණයෙකි.
අදාළ වෙඩි තැබීම සඳහා ආධාර අනුබල දුන් බවට චෝදනා මත පානදුර අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණි.
වෙඩික්කරුට සහ යතුරුපැදිකරුට වෙඩිතැබීම සිදුකළ දිනට පෙරදින රාත්‍රියේ (28) අදාළ සැකකරුගේ නිවසේ නවාතැන් දුන් බව විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පසුගිය 29 වැනිදා පානදුර, වෑකඩ ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාදුන්න පුද්ගලයින් දෙදෙනෙකු යතුරුපැදි අමතර කොටස් අලෙවි කරන ස්ථානයකට පැමිණ වෙඩි තැබීමක් සිදුකර පලා ගොස් තිබුණි.
වෙඩි තැබීමෙන් එම ස්ථානයේ සේවය කළ පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.