ගාලු කොටුවේ රැම්පාට් වීදියේ කොටු පවුර ආසන්න මාර්ගයේ කොටසක් ඊයේ (08) ගිලා බැස තිබේ.
අඩි දහයක පමණ කොටසක් මෙලෙස ගිලා බැස ඇති අතර, ගිලා බැස ඇති කොටසේ ගැඹුර අඩි පහක් පමණ වේ.
මේ හේතුවෙන් ගිලා බැස ගිය මාර්ගය වසා දැමීමට බලධාරින් පියවර ගෙන ඇත.
මින් පෙර මෙම ස්ථානයේ ගිලා බැසීමේ සලකුණු තිබුණු බවත්, ඒ සම්බන්ධයෙන් බලධාරීන් කිහිපවිටක් දැනුවත් කළ නමුත් කිසිඳු පියවරක් නොගත් බවට ප්‍රදේශවාසීන් චෝදනා කරයි.