කූඨ ලේඛණ සකස් කර රුපියල් කෝටි 03 ක් පමණ වටිනා දේපළ අත්පත් කරගෙන සිටි කාන්තාවක්ව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 64 ක් වූ කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචිකාරියකි.
එම සැකකාරිය විශ්‍රාමික කාන්තා පොලිස් සැරයන්වරියක් බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකාරිය ඊයේ (29) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මැයි මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.