/ Jul 06, 2025

බන්ධනාගාරගත කර සිටි RMV ලොක්කා ඇතුළු තුනකට අධිකරණ නියෝගයක්!

රක්ෂිත බන්ධනාගර කර සිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ශාඛාවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇතුළු සැකකරුවන් තුන්දෙනා ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග නියම කළාය.

මෝටර් රථවාහන දෙපාර්තමේන්තුවෙන් බලපත්‍ර ලබා ගැනීම සඳහා පැමිණී ජනතාවගෙන් අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් ලක්‍ෂ 40කට ආසන්න මුදලක් සන්තකයේ තබා ගත් බවට සැකපිට ඔවුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් එක් සැකකරු සඳහා රුපියල් මිලියන 2 බැගින් වූ ශරීර දෙකක් මත මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන්ට රුපියල් 25,000 බැගින් මුදල් ඇප ද නියම කරනු ලැබීය.

සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරන බවත් ඔවුන්ට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ඇතුළු වීම තහනම් බවත් මහෙස්ත්‍රාත්වරිය නියෝග කර සිටියාය.

නඩුව නැවත නොවැම්බර් මස 28 වැනිදා කැඳවන ලෙසත් නියම කළාය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top