/ Jun 09, 2025

හිටපු ඇමති අද ගෙදර යයි

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (9) නියම කළේය.

වැලි කැණීමේ බලපත්‍රයක් නිකුත්කිරීම සඳහා රුපියල් ලක්ෂ 15ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියකට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට වියාලේන්ද්‍රන් අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

ඒ අනුව ඔහු ඊයේ (8) අධිකරණයට ඉදිරිපත්කළ අවස්ථාවේ දී ඇපමත මුදා හැරීමට නියෝග කළ අතර එහෙත් සැකකරුට ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් යළි බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබීය.

කෙසේ නමුත් අද දිනයේ දී ඒ මහතා සියලු ඇප කොන්දේසි සපුරාලීම හේතුවෙන් මුදාහැරීමට අධිකරණය නියම කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top