5 ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වෙන ශිෂ්‍යත්වය විභාගය අගෝස්තු මස 10 වැනිදා පැවැත්වීමට නියමිතයි.
නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. අමිත් ජයසුන්ද මහතා මේ බව දැනුම් දී ඇත.
එහි සඳහන් වන්නේ, 2025 අප්‍රේල් මස 04 දින සිට 2025 අප්‍රේල් මස 30 වන දින දක්වා ශිෂ්‍යත්ව විභාගය සඳහා මාර්ගගතව (online) අයදුම්පත් කැඳවනු ලැබේ.
2025 අප්‍රේල් මස 30 දින මධ්‍යම රාත්‍රී 12.00 පැයට මාර්ගගත ප්‍රවේශය වසා තබන අතර, කිසිඳු හේතුවක් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ නොකරන බව ද එම නිවේදනය මගින් අවධාරණය කර ඇත.
අයදුම් කිරීමට අදාළ උපදෙස් හා ව්‍යවස්ථාව https://onlineexams.gov.lk/eic වෙත පිවිසීමෙන් ලබාගත හැකි බව සඳහන්.
විශේෂ අවශ්‍යතා ඇති සිසුන් පිළිබඳව ඉල්ලුම් කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් විස්තරාත්මකව උපදෙස් පත්‍රිකාවේ සඳහන් කර ඇති බව සඳහන් වේ.
දුරකථන අංක – 011-2784537, 011-2786616, 011-2784208 011-2786200, 011-2784201,
විද්‍යුත් ලිපිනය – http://gr5schexam@gmail.com
ක්ෂණික දුරකථන අංකය – 1911
ෆැක්ස් අංකය – 011-2784422