/ Jun 08, 2025

පෙම්වතා හමුවෙන්න ගිය පාසල් සිසුවිය සමූහ දූෂණයට ලක් වෙයි ; සිසුන් 5ක් ඇතුළු 7ක් පොලිස් දැලේ

බාල වයස්කාර පාසල් දැරියක සමූහ දූෂණයට ලක්කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් එම දැරියගේ පෙම්වතා බව කියන පාසල් සිසුවා ඇතුළුව පාසල් සිසුන් 5ක් හා තවත් දෙදෙනෙකු හෝමාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස සමූහ දූෂණයට ලක්ව ඇත්තේ 15 හැවිරිදි පාසල් සිසුවියකි.

එම දැරියගේ දෙමාව්පියන් විසින් දැරිය සමග පොලීසියට පැමිණ සිදුකළ පැමිණිල්ලක් අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිව තිබේ.

සමූහ දූෂණයට ලක් වූ බව කියන පාසල් දැරිය හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර වෛද්‍ය පරීක්‍ෂණයකට ලක් කිරීමට නියමිතය.

අදාළ පාසල් සිසුවිය උපකාරක පන්තියකට සහභාගි වන බව පවසා පාසල් සිසුවෙකු වූ සිය පෙම්වතා හමුවීම සඳහා ගොස් තිබේ.

එම අවස්ථාවේදී සැකකාර පෙම්වතා විසින් දැරිය රැගෙන ඔහුගේ මිතුරෙකු සිටින හෝමගම ප්‍රදේශයේ නිවසකට ගොස් එම නිවසේ දී දැරිය දූෂණයට ලක්කර ඇත.

ඒ අනුව උදෑසන 9ත් සවස 3ත් අතර පැය හයක කාලයක් ඇතුළත තවත් නිවාස තුනකට රැගෙන ගොස් වින්දිත දැරිය සැකකාර පාසල් පෙම්වතා ඇතුළු ඔහුගේ මිතුරන් විසින් වරින්වර බරපතළ ලිංගික අපයෝජනය ලක් කර ඇති බවයි විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

අදාළ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හෝමාගම ප්‍රදේශයේම පාසල්වල ඉගෙනුම ලබන එම ප්‍රදේශයේම පදිංචිකරුවන්ය.

පාසල් සිසුන් පස්දෙනා අවුරුදු 15ත් 16ත් අතර වයස්වල සිටින අතර, අනෙක් දෙදෙනා අවුරුදු 17ත් 19ත් අතර බව පොලීසිය පවසයි.

සැකකරුවන් විසින් පාසල් දැරිය ප්‍රවාහනයට යොදාගත් යතුරුපැදියක් ද පොලිස්භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හත්දෙනා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (4) ඉදිරිපත් කිරීමට නියමිතය

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top