/ Jun 09, 2025

ශ්‍රී ලංකා ගුවන් සේවයට එක්වන අලුත් සගයා කටුනායක ගුවන්තොටට ගොඩබස්වයි (Photos)

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට එකතු වෙන එයාර් බස් A330 – 200 නවතම ගුවන් යානය අද (04) පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොඩබස්සවා තිබේ.

ප්‍රංශයේ පැරිස් නුවර සිට ගුවන් යානය අද (04) උදෑසන දිවයිනට ළඟා වුණි.

ශ්‍රී ලංකාව ලොවට සම්බන්ධ කරන දිගු දුර හා කෙටි දුර ගමනාන්ත මෙහෙයුම් සඳහා ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යානා ඇණිය සමග එකතුවන මෙම ගුවන් යානය අද දිනයේ කොළඹ සහ කටුනායක ඉහළ අහසේ අඩු උසකින් පියාසර කළ බවයි වාර්තා වන්නේ.

එහිදී අඩි 1,500ක පමණ උසකින්, එම ගුවන් යානය කොළඹ වෙරළ තීරය ඔස්සේ, වරාය නගරයෙහි දකුණු කෙළවරේ සිට මොරටුව දක්වා පියාසර කරනු දැකගත හැකිවිය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top