/ Jun 23, 2025

සිරියාවේ පල්ලියක් ලෙයින් තෙත්වෙයි ; දේව මෙහෙයක් අතරතුර 22ක් මරු තුරුළට

සිරියාවේ ඩැමැස්කස් හි පල්ලියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 22 දෙනෙකු මිය ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම බෝම්බ ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 63 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

ඉරිදා සවස දේව මෙහෙයක් අතරතුර පල්ලියේ දී පුද්ගලයෙකු විසින් මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කර තිබුණු අතර ප්‍රහාරකයා IS සටන්කාමීන් සමඟ සම්බන්ධතා ඇති අයෙකු බවට එරට ආරක්ෂක අංශ වෙත තොරතුරු අනාවරණය වී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top