/ Jun 16, 2025

කුඩා පිරිමි දරුවෙකුගේ අසැබි දසුන් හැදූ සැකකරුවෙකුට මාංචු

පිරිමි ළමුන් සම්බන්ධව අසභ්‍ය දර්ශන සමාජ මාධ්‍යය ජාලා හරහා ලබා ගනිමින් සහ මෙරට පිරිමි ළමයෙකුගේ අසභ්‍ය දර්ශන නිෂ්පාදනය කරන ලද සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අතුරුදහන් වූ සහ සූරා කෑමට ලක් වූ ළමුන් සඳහා වන අමෙරිකා රජයේ ජාතික මධ්‍යස්ථානය මඟින් (NCMEC) අදාළ සැකකරු සම්බන්ධයෙන් යොමු කර ඇති වාර්තාවක් අනුව ළමා හා කාන්තා අපයෝජනය නිවාරණ කාර්යාංශය මඟින් ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබුණි.

ඒ අනුව පසුගිය 20 වැනිදා එම කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ආණමඩුව ප්‍රදේශයේ දී අදාළ සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය පවසන්නේ අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 34ක් වන ආඬිගම, ආණමඩුව ප්‍රදේශයේ පදිංචි ජංගම දුරකථන අළුත්වැඩියා කිරීමේ ස්ථානයක් පවත්වාගෙන යන පුද්ගලයෙක් බවයි.

මෙම සැකකරු 2022 වර්ෂයේ සිට අන්තර්ජාලය ඔස්සේ විදේශීය ළමුන්ගේ ලිංගික ක්‍රියාකාරකම් අඩංගු අසභ්‍ය වීඩියෝ දර්ශන හා ඡායාරූප එක් රැස් කරගනිමින් ඒවා නරඹා ඇති බවට අනාවරණය වී තිබේ.

එසේම අදාළ සැකකරු විසින් ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 13 ළමයෙකුගේ නිරුවත් වීඩීයෝ සහ අදාළ ඡායාරූප නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් ද විමර්ශන නිලධාරීන් තොරතුරු අනාවරණය කර ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශය විසින් සිදුකරනු ලබයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top