/ Jul 01, 2025

ජාතික බදු සතිය අදින් ඇරඹෙයි ; නොදන්න අය දැනුවත් කරන්නත් වැඩපිළිවෙළක්

ජාතික බදු සතිය අදින් (02) ආරම්භ වේ.

“බදු ශක්ති” නමින් මෙම බදු සතිය ක්‍රියාත්මක කිරීමටයි රජය තීරණය කර ඇත්තේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එහි සමාරම්භක උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද පැවැත්වීමට නියමිතය.

ඒ අනුව, අද දිනයේ සිට ලබන 07 වැනිදා දක්වා වූ සතිය තුළ බදු ගෙවීම් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමට අපේක්ෂා කරන බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් පී.කේ.එස් ශාන්ත සඳහන් කළේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top