/ Jul 05, 2025

රුදුරු ජල කඳක් අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තය වනසයි ; 24ක් මරුට

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 24 දෙනෙකු මියගොස් තිබේ.

ටෙක්සාස් ප්‍රාන්තයේ ග්වාඩලූප් ගඟ දිගේ ජල මට්ටම ඉහළ යෑමෙන් ඇති වූ මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් 20කට වැඩි පිරිසක් ද අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ ළමා කඳවුරක සිටි ගැහැණු දරුවන් පිරිසක් බව සඳහන්.

එරට ආපදා අංශ මගින් මේ වන විට අතුරුදන් වූවන් සොයා දැඩි සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කෙරේ.

ටෙක්සාස් ප්‍රාන්තය හරහා ගලාබසින් ග්වාඩලූප් ගඟේ ජල මට්ටම මිනිත්තු 45ක් ඇතුළත, අඩි 26ක් පමණ ඉහළයෑම මෙම ආපදා තත්ත්වයට ප්‍රධාන වශයෙන් බලපා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවන්ගේ වැඩිදුරටත් දැක්වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top