ඇමරිකා එක්සත් ජනපදය විසින් නව තීරුබදු හඳුන්වා දීමත් සමඟ බරපතළ ලෙස කඩා වැටුණු කොළඹ කොටස් වෙළෙඳපොල අද (8) දිනයේ කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කර තිබේ.
පසුගිය දින තුන පුරාවටම එය දැඩි ලෙස කඩා වැටීමකට ලක් විය. අද දිනයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 467.26ක දැවැන්ත වර්ධනයක් අත් පත් කරගත් අතර දිනය අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය 15127.71 ලෙස සටහන් විය.
අද දින රුපියල් බිලියන 2.89ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වූ අතර පසුගිය දින තුන තුළදී පමණක් කොටස් වෙළෙඳපොල කඩා වැටීම හේතුවෙන් රුපියල් බිලියන 435කින් කොළඹ කොටස් වෙළෙඳපොල ප්‍රාග්ධනීකරණය පහළ ගොස් තිබුණි.