චීන මාධ්‍ය සමූහය විසින් සංවිධාන කරන ලද “CMG ජාත්‍යන්තර රොබෝ බොක්සිං තරඟ මාලාවේ ” විශේෂ වැඩසටහනක් පසුගිය දා චීනයේ Hangzhou නගරයේ දී පැවැත්වුණි.
මෙය මානවරූපී රොබෝවරුන් සහභාගී වූ ලොව ප්‍රථම සටන් තරඟය ලෙස සැලකේ.
එම තරගය ගෝලීය ප්‍රේක්ෂකයින් සඳහා නිර්මාණය කරන ලද විද්‍යා ප්‍රදර්ශන තරඟයක් වූ අතර චීන මාධ්‍ය සමූහයේ දේශීය හා විදේශීය නාලිකා හරහා ද සජීවීව විකාශනය කෙරුණි.
වට තුනකින් සමන්විත වුණ මේ තරගාවලියේදී පහරදීම්වලට අනුව ලකුණු ලබා දෙනු ලැබූ අතර අවසන් වටයේදී තීරණාත්මක දණහිස් පහරක් එල්ල කර ප්‍රතිවාදියා බිම හෙළමින් “AI Strategist” රොබෝ කණ්ඩායම ජයග්‍රහණය ලබා ගත් බවයි චීන මාධ්‍ය වාර්තා කර තිබුණේ.
මෙම බොක්සිං තරගය අති නවීන රොබෝ තාක්ෂණයේ විශිෂ්ටත්වය පෙන්නුම් කරන විශේෂ අවස්ථාවක් වශයෙන් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබුණි.