/ Mar 30, 2026

Breaking; බන්ධනාගාර කොමසාරිස්ට බන්ධනාගාර තහනම්! ; අධිකරණය දුන් නියෝගය මෙන්න

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වැඩතහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග නියම කර තිබේ.

ඒ අනුව, සැකකරු රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ.

තව ද සැකකරුට දිවයිනේ බන්ධනාගාරවලට ඇතුළු වීමද තහනම් කෙරුණු අතර විදේශ ගමන් තහනමක්ද පනවා මහේස්ත්‍රාත්වරිය නියම කළේ ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවයි.

ජනාධිපති පොදු සමාවට මුවාවී අනුරාධපුර බන්ධනාගාරයේ සිටි සිරකරුවකු නිදහස් කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට තුෂාර උපුල්දෙණිය අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top