/ Jun 25, 2025

තුෂාර උපුල්දෙණියට ඇප නෑ!

වැඩතහනමට ලක්ව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිට තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ඒ අනුව ඔහු එළඹෙන ජූලි 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි මහේස්ත්‍රාවත්වරයා නියෝග කර ඇත්තේ.

ජනාධිපති සමාව මත අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකු නිදහස් කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්දනාගාර ගතකර තිබේ.

අදාළ නඩුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (25) කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් සහ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න යන මහත්වරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top