/ Jun 14, 2025

රිමාන්ඩ් කළ උපුල්දෙණියගේ මාසික වැටුප ගැන තීරණයක්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියට හිමි මාසික වැටුප සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විශේෂ තීරණයක් ගෙන තිබේ.

ඒ අනුව, වැඩ තහනමට ලක්ව ඇති කාල සීමාව තුළ ඔහුට හිමි වැටුපෙන් අඩක් ගෙවීමටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි ඇත්තේ.

ඊයේ (11) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කළේය.

එමෙන්ම මේ වන විට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එච්. එම්. එන්. සී ධනසිංහ මහතා නිත්‍ය තනතුරේ රාජකාරීවලට අමතරව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තනතුරේ වැඩ බැලීම සඳහා පත්කර ඇතැයි ද මෙහි දී සඳහන් කෙරුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top