/ Jun 20, 2025

දුම්රිය වර්ජනය කල් යයි; නියාමකවරුන්ගේ නවතම තීරණය මෙන්න

අද (19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පැය 48ක දුම්රිය නියාමකවරුන්ගේ වැඩවර්ජනය සති දෙකක කාලයක් සඳහා කල්දමා තිබේ.

උසස්වීම් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය නියාමකවරු අද රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණි.

කෙසේ වෙතත් ප්‍රවාහනය අමාත්‍යාංශයේ මැදිහත් වීම මත දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග පැය 3ක පමණ කාලයක් පුරා පැවති සාකච්ඡාවකින් පසුව ඔවුන් එම තීරණය වෙනස් කළ බවයි දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ලේකම්,කේ.ඩි.දුමින්ද ප්‍රසාද් පැවසුවේ.

ඒ අනුව මහජනතාවට සිදුවන අපහසුතාවය පිළිබඳ සිතා ඇතැම් කරුණු සඳහා විසඳුම් ලබාදීමට බලධාරීන්ට තම සංගමය විසින් ද සති දෙකක කාලයක් ලබාදීමට එකඟවූ බව ලේකම්වරයා සඳහන් කළේය.

සාකච්ඡාව අතරතුර දී සිය සංගමය විසින් ඉල්ලීම් 11ක් ඉදිරිපත් කළ බවත්, ඉන් ඉල්ලීම් 7කට ආසන්න ප්‍රමාණයකට පිළිගත හැකි විසඳුම් හිමිවූ බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top